Loading..

​මේරි ඇතින්නිය එල්ලා මැරීම (මිනිසුන් යනු තිරිසනුන්ටත් එහා ගිය තිරිසනුන් යන්න හොදම නිදසුනක්)




මේ සිද්ධිය වෙන්නේ 1916 කාලයේදි ඇමරිකාවේදි....මේ කතාව කියවලා මිනිස්සු එදත් අදත් කොච්චර අකාරුණිකද කියලා ඔයාලම තේරුම් ගන්න..

මේරි කියන්නේ විශාලත්වයෙන් වැඩි කීකරු ඇතින්නියක්..ඇත්තටම ඇය වහල් සේවිකාවක් කීවොත් තමා හරි.. ඇගේ ශ්‍රමය ඇත්තටම සූරා කන්නේ Sparks World Famous Shows කියන සර්කස් කන්ඩායම...ඉස්සර මේ සර්කස් කන්ඩායම ඇමරිකාවේ ගොඩක් ප්‍රසිද්ධයි කියලා තමයි කියන්නේ..

ඇත්තටම මේරි බෙහෙවින් කීකරු ඇතින්නියක්.. දවසක් ඇය පාරේ යමින් ඉද්දි කොමඩු ගෙඩියක් දැකලා යන ගමන පැත්තක තියලා කොමඩු ගෙඩිය ගන්න යනවා..

නමුත් ඇගේ පිට මත උන්නු ⁣නුපුහුණු ඇත්ගොව්වට අවබෝධයක් තිබුන් නෑ ආපහු මේරිව පාර පැත්තට හරව ගන්න..ඔහුට ඇත්තටම ඇතින්නක් ආම්බාන් කරලා පලපුරුද්දක් නැ..ඔහු හෝටල් රැකියාවක් කල කෙනෙක්..

ඇතින්නව හරියට පාරට ගන්න බැරි වෙද්දි ඔහු ලඟ තිබුණ හෙන්ඩුවෙන් මේරිගේ කන පිටි පස්සට අනිනවා..එයින් ඇය විශාල වේදනාවකට පත්වෙන අතර ඇය කලබල වෙනවා..ඇය  හොඬ වැලෙන් ඇත් ගොව්වාව අරගෙන පොලවේ ගහනවා.. ඇත් ගොව්වාගේ ඔළුවට උන හානිය නිසා ඔහු මිය යනවා..

මේ සිද්ධිය නගරේ මිනිස්සු දැකලා ඔවුන් කලබල වෙනවා..මේරිට විරුද්ධව හැමෝම හඬ නැඟනාවා..

"මේරිව මරන්න"

හැමෝම එක හඬින් කීවා..

මිනිස්සුන්ගේ විරෝධය වැඩි වෙද්දි  හාම්පුතුන් කලබල වෙනවා..මේරිව නඩු ව්භාගයකින් නැතිව එල්ලා මරන්නැයි හැමොම එක හඬින් කියනවා..

මේ විරෝධතා එක්ක  Sparks සර්කස් කන්ඩායම අන්තිම අඩියට වැටෙද්දි මේරිව නගරයේ බලධාරීන්ට බාර දෙනවා...අන්තිමට ඇයව එල්ලා මරන්න තීරණය කරනවා..

ඇයව එල්ලා මරන්න ඔවුන් යොදා ගන්නෙ දොඹකරයක්....ඇත්තටම මේරි හීලැ ඇතින්නියක් ..එල්ලලා මරන්න දම්වැල් බෙල්ලට දාද්දිත් ඇය නිසොල්මනේ ඉන්නවා...අන්තිමට ඇය දොඹකරෙන් උඩට ගනිද්දී බෙල්ල හිර වෙද්දි ඇය කලබල වෙනවා...පලවෙනි පාර මේරි බිමට වැටෙනවා...ඇගේ කොඳු ඇට පේලිය බිඳෙනවා..ඇය වේදනාව දරා ගැනීමට බැරුව කෑ ගහනවා.. එයින් නොනැවතුන ඔවුන් දෙවැනි පියවර සාර්ථක කරගෙන ඇයව එල්ලා මරනවා... 

එදත් අදත් මිනිසුන් සත්තුන්ට මේ විදිහට අමානුෂික දඬුවම් දෙනවා.. නමුත් ඒ දුක කියන්න ඔවුන්ට යන්න උසාවියක් නැහැ...
🩸



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...