zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

රුසියානු මහා ගත්කරු මැක්සිම් ගෝර්කි

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


https://assets.roar.media/Sinhala/2018/03/Untitled-design-2.jpg


ලෝකයේ සිටින කතුවරුන් අතරින් ජනතාවගේ හිත දිනා ගැනීමට සමත් පොත් රචනා කරන ලද්දේ රචකයින් කීප දෙනෙකු පමණි. ඒ අතරින් මැක්සිම් ගෝර්කි යනු ලොව වටා සිටින පාඨකයින්ගේ හිත් දිනා ගැනීමට සමත් වූ ප්‍රසිද්ධ රචකයෙකි. සාහිත්‍යයට ඔහුගෙන් ඉටු වූ සේවය කොතරම්ද කියතොත් ගෝර්කිගේ නම නොබෙල් ත්‍යාගය සඳහා පස් වතාවක් යෝජනා වී ඇත. රුසියානු ලේඛකයෙක් මෙන්ම සමාජවාදී යථාර්ථය පිළිඹිබු කෙරෙන සාහිත්‍ය ක්‍රමයේ ප්‍රාරම්භකයා ලෙස ද මැක්සිම් ගෝර්කි හැඳින්විය හැකිය. මොහුගේ පොත් විවිධ භාෂා වලට පරිවර්තනය කරන ලද්දේ ඒවා වටා බොහෝ පාඨකයින් ප්‍රමාණයක් එක් වූ නිසාවෙනි. මෙම ලිපිය තුළින් අප බලාපොරොත්තු වන්නේ මැක්සිම් ගෝර්කි පිළිබඳ සැබෑ ජීවන තතු ඔබ වෙත ගෙන ඒමටයි.

ළමා කාලය


මැක්සිම් ගෝර්කි නම් ලේඛකයාගේ මුල් නම වූයේ ඇලෙක්සි මැක්සිමොවිච් පෙෂ්කොව් ය. රුසියන් ජාතිකයකු වන මොහු උපත ලබා ඇත්තේ වර්ෂ 1868 මාර්තු මාසයේ 28 වැනි දිනයි. මොහුගේ මව හා පියා එතරම් ධනවත් පවුල් වලින් පැවත එන්නන් නොවේ. මොහුගේ මව ගෘහණියක් වන අතර පියා වඩු කාර්මිකයෙකි. ගෝර්කිගේ පියා හදිසියේ මියගිය අතර ඉන් පසුව ඔහුව රැක බලා ගන්නා ලද්දේ මව විසිනි. පසුව ඔහුගේ මවද මිය යෑම නිසා ගෝර්කිව හදා වඩා ගන්නා ලද්දේ ඔහුගේ සීයා හා ආච්චි යන දෙපළයි. මව මිය යන විට තුන් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලද ගෝර්කි පසුව පාසල් ගමන නවතා දමන ලද්දේ ඔහුට පැවති අගහිඟ කම් හේතුවෙනි.

කුඩාකල දීම කම්කරු රැකියා කිහිපයක නිරත වූ මොහු පසුව හෝටලයක පිඟන් සෝදමින් ජීවිකාව සොයාගෙන ඇත. අවසානයේ එයින් ඉවත් වී බේකරියක සේවයට බැඳුණු අතර පසුව එයින්ද ඉවත් වී පාවහන් නිෂ්පාදනාගාරයක අත් උදව්කරුවෙකු ලෙස සේවය කර ඇත. නාවික යාත්‍රාවක සේවයේ යෙදුණ ගෝර්කි එහි කෝකියා සමඟ මිතුරු වීම නිසා ඔහුගෙන් ළමා පොත් හා සඟරා ආදිය කියවීමේ අවස්ථාව උදා විය. මෙය ඔහුගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරළීමට සමත් විය.

පොත් රචනා කිරීම ආරම්භය


1888 වසරේ සිට ගෝර්කි සේවය කරන ලද්දේ කැස්පියන් මුහුදේ ඇති නාවික යාත්‍රාවක් තුළයි. මේ කාලය තුළදී වැඩි වශයෙන් විප්ලවවාදී අදහස් මොහු තුළ ගොඩ නැගීම හේතුවෙන් රජයට විරුද්ධව පැවති විවිධ ක්‍රියා සඳහා ගෝර්කි සහභාගී විය. මෙහි ප්‍රතිපලයක් ලෙස 1889 වසරේදී මොහුව අත් අඩංගුවට පත් විය. නිදහස ලැබීමෙන් පසු මොහුගේ පොත් රචනා කිරීම ආරම්භ විය. ඔහු විසින් රචනා කරන ලද ප්‍රථම කෙටි කතාව වන්නේ “මකාර් චුඩ්රා” (makar chudra) ය. මෙය 1892 වසරේදී පුවත්පතක පල වන ලදි.

මුල්කාලීන රචනා

තම ප්‍රථම රචනයෙන් පසු වසර පහක් පමණ යනතුරු ගෝර්කි විසින් රචනා කරන ලද කතන්දර volga ප්‍රදේශයේ පුවත්පත් වල පල විය. ඔහුගේ මුල්ම කතන්දර එකතුව පළ කරන ලද්දේ 1898 වසරේදීය. මේ හේතුවෙන් ඔහු රුසියාව පුරා ප්‍රසිද්ධියට පත් විය. මෙම කතන්දර බොහොමයක් ගෙතී තිබුණේ රුසියාවේ සිටි පීඩිත පන්තියේ ජනයා වටාය. ඔහු වැදගත් යැයි කියන්නා වූ රුසියානු සමාජ පන්තීන් කෙරෙහි තම බලවත් විරෝධය ප්‍රකාශ කළේය.

ලියා ඇති නාට්‍ය හා නවකතා


1895 වසරේදී ගෝර්කි විසින් “chelkash” නමැති කෙටි කතාව රචනා කරන ලදි. මෙම කතාව ගෙතී ඇත්තේ කුලී ගොවියෙකු හා හොරෙකු වටා ය. කුඩා කල සිට ඉතා දිළිඳු ජිවිතයක් ගත කළ ගෝර්කිට දුක් විඳින ජනයාගේ අත්දැකීම රචනා කිරීම අලුත් දෙයක් නොවීය. 1899 වසරේදී මොහු “foma gordeyev” නවකතාව එළි දක්වන ලදී.

මිට අමතරව රුසියාවේ පැවති ධනවාදය නිරන්තරයෙන් ගෝර්කිගේ අවධානයට ලක් විය. මේ කාලය තුළදීම රචනා කරන ලද troye, ispoved, gorodok okurav, වැනි නවකතා එතරම් සාර්ථකත්වයට පත් නොවුනේ කතාවේ ගලා යාම එතරම් සාර්ථක නොවූ නිසාවෙන් හා ජීවිතයේ තේරුම පිළිබඳ අනවශ්‍ය දීර්ඝ විස්තර ඒවා තුළ අන්තර්ගත වීම හේතුවෙනි. මීට අමතරව ගෝර්කි විසින් නාට්‍ය පිටපත් ගණනාවක් රචනා කර ඇත. මේ අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත් නාට්‍ය වන්නේ  “ na dne ” ය. 1899 හා 1906 අතර කාලයේදී ගෝර්කි මාක්ස්වාදය වැළඳ ගත්තේය. පසුව ඔහු විප්ලවවාදී ලෙනින්ගේ පක්ෂයේ සමාජකයෙකු බවට පත් විය.

ගෝර්කිගේ “අම්මා” කෘතිය


ගෝර්කිට අතිශය කීර්තියක් ලබා දුන්නේ ඔහු රචනා කරන ලද “අම්මා” කෘතියයි. මෙය භාෂා කීපයකට පරිවර්තනය වූ අතර රුසියානු විපල්වය සඳහාද පදනම් වී ඇති බව විප්ලවයේ ප්‍රධානියා වන ලෙනින් ප්‍රකාශ කර ඇත. කෘතියකට පමණක් සීමා නොවූ මෙය 1926 වසරේදී සිනමා පටයකට නගන ලද්දේ එයට ලැබුණු ඉහළ පාඨක ප්‍රතිචාර හේතුවෙනි.

මරණය

ලෙනින්ගේ මරණයෙන් පසු රුසියාවේ බලය අතට ගන්නා ලද්දේ joseph stalin විසිනි. ඔහුගේ තීරණය වූයේ මේ වන විට තම විවේචනාත්මක අදහස් නිසා රටින් පිටුවහල් කළ ගෝර්කි නැවත රටට ගෙන්වීම යෝග්‍ය බවයි. ඊට හේතුව එවිට ඔහුගේ ක්‍රියාකාරකම් පිළිබඳ සෝදිසියෙන් සිටිය හැකි වීමයි. 1933 වසරේදී ගෝර්කි සඳහා විදේශ ගමන් තහනම් කරන ලදි. ගෝර්කිගේ අදහසට අනුව රුසියානු සංස්කෘතියේ යාන්ත්‍රිකයින් ලේඛකයින් විය යුතුය.  මේ කාලය තුළදී මොහු රුසියාවේ කලා නිර්මාණ දියුණු කිරීම සඳහා කැපවීමෙන් කටයුතු කරන ලදි.

තම ජීවිතයේ අවසාන කාලයේ තරමක අසනීප තත්වයෙන් පෙළුණු ගෝර්කි ඒ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලැබුවේය. නමුත් 1936 වසරේ ජුනි 18 වන ගෝර්කි නම් ශ්‍රේෂ්ඨ රචකයා මෙලොවින් සමු ගත්තේය. මියයන විට මොහුගේ වයස අවුරුදු 68 ක් විය. මොහුගේ මරණයෙන් පසු රුසියාව පුරා විවිධ කෞතුකාගාර, වීදි, විශ්ව විද්‍යාල ආදිය ඔහුගේ නමින් නම් කෙරිණි.


Join our group

Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!