Loading..

නූතන විද්‍යාව පැරදූ බුදුදහම තුළින් විද්‍යාවද අන්ද මන්ද කෙරූ ඒ ලොව්‍තුරු බුදුරජාණන් වහන්සේ විසින් ඉහත දී දේශනා කළ දෑ පසුපස හඹා යන නූතන විද්‍යාව සමඟ සන්සන්දනය



බුදු දහම හා විශ්වය 

බුදුරජාණන් වහන්සේ තේවිජ්ජ සූත‍්‍රයේ දී සර්වබලධාරී දෙවියෙකු ලොව මවන ලදැයි යන ඊශ්වරනිර්මාණවාදය ප‍්‍රතික්ෂේප කරයි. අග්ගඤ්ඤ සූත‍්‍රය අනුවත්, අංගුත්තර නිකායේ අසංඛෙයිය සූත්‍රරය අනුවත් විශ්වයට ඇත්තේ හැකිලෙන දිග හැරෙන දෝලන ස්වභාවයක් වන අතර එහි ආරම්භයක් හෝ අවසානයක් දැකගත නොහැකිය
.

අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ ඉන්ද්‍රිය වග්ගයේ අසංඛෙයිය සූත්‍රයේ සුත‍්‍රයේ විග්‍රහය අනුව විශ්වයේ මූලික යුග 4 කි. මෙම අනතඃකල්ප 4 හි එකතුව මහා කල්පයකි.

1. විවට්ඨ කප්ප – විශ්වය ප‍්‍රසාරණය වන කාලය.
2. විවට්ඨති කප්ප – විශ්වයේ ප‍්‍රසාරණය අවසන් වෙමින් නිශ්චිත තත්ත්වයක පවතින කාලය.
3. සංවට්ඨ කප්ප – විශ්වයේ හැකිලීම සිදු වන කාලය.
4. සංවට්ඨති කප්ප – විශ්වයේ හැකිලීම අවසන් වෙමින් නිශ්චිත ස්වභාවයක පවතින කාලය.


නවීන විද්‍යාවේ දියුණුව සමඟ දුරේක්ෂ නිර්මාණය වී විශ්වය හා එහි ස්වභාවය පිළිබඳව නිරීක්ෂණය කළ හැකි වීය. ඉතා බලවත් දුරේක්ෂයක් වූ හබල් දුරේක්ෂයෙන් විශ්වයේ ස්වභාවය නිරීක්ෂණය කරද්දී, විශ්වයේ ලෝක ධාතු එකින් එක කෙමෙන් කෙමෙන් ඈත් වෙමින් පවතින බැව් නිරීක්ෂණය කෙරුණි.

➿➿➿➿➿➿➿➿➿➿➿➿





ඒ අනුව විශ්වය ප‍්‍රසාරණය වෙමින් පවතින බවට වූ බුදු වදන සැබෑවක් බව අද ඔප්පු වී තිබේ. මෙම ප‍්‍රසාරණය පැහැදිලි කිරීමට නිර්මාණය කෙරුණු විද්‍යාත්මක උපන්‍යාසය වනාහි ස්ටීවන් හෝකින්ස් ඇතුළු භෞතික විද්‍යාඥයන් මඟින් වර්ධනය කෙරුණූ මහා පිපිරුම් වාදයයි.  (The Big Bang Theory)
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...