zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

විද්දොත් මල්සරෝ ප්‍රේමය නම් මතක් වේවී උබට රෝමියෝ ජුලියට්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.



ප්‍රේමය ගැන කතා කරන්න පටන් ගත්තු ගමන් මුලින්ම මතක් වෙන නම් දෙකක් තමයි රෝමියෝ සහ ජුලියට් කියන්නෙ ඉතින්.

රොමේයෝ හා ජුලියෙත්තා කියන ඉතාලි ප්‍රේමවන්තයින් දෙන්නා රෝමියෝ හා ජුලියට් වෙන්නෙ ශේක්ස්පියර් බ්‍රිතාන්‍ය ජාතික වීම හා ඉතාලි නාමයන් ඉංග්‍රීසියෙන් ශබ්ද වීමත් නිසා. ඒක එහෙම් නොවෙන්න මේ දෙන්න රොමේයෝ හා ජුලියෙත්තා ම තමයි තවමත්.

රෝමියෝ ජුලියට් කියන්නේ දවස් තුනක ආදර කතාවක්.

පළමු දිනය

රොමේයෝ හා ජුලියෙත්තා කියන්නෙ එකිනෙකා හා ජම්ම වෛරයෙන් ජීවත් වුනු එක ලඟ ගෙවල් දෙකක සිටු පවුල් දෙකකට අයත් පිරිමි ළමයෙක් හා ගැහැණු ළමයෙක්. මේ දෙන්නගෙ පරම්පරා දෙක තමයි කැපියුලට් සහ මොන්ටගියු .අවුරුදු 13 වෙන ජුලියට්ව පැරිස් කුමාරයට විවාහ කරවන්න ඉන්න ජුලියට්ගේ තාත්තා ඒ සඳහා උත්සවයක් සූදානම් කරනවා.අවුරුදු 17 වුණ රෝමියෝ ඒ උත්සවයට එන්නේ ඒ වෙද්දි එයා කැමැත්තෙන් හිටිය රොසලීන් බලන්න.නමුත් රෝමියෝ උත්සවයේදි ජුලියට්ව දැකලා ඇය සමඟ ආදරෙන් බැඳෙනවා.

දෙවන දිනය


පවුල්වල වෛරය නිසාම මේ දෙන්නා කතෝලික පූජකයෙකු ඉදිරියේ රහසින් විවාහ වෙනවා. මේ විවාහය දන්නෙ ඔවුන් තුන්දෙනාම විතරයි. ඒත් ජුලියට්ගේ ඥාති සහෝදරයා Tybalt මේ ගැන දැන ගෙන රෝමියෝට සටනකට අභියෝග කරනවා. නමුත් රෝමියෝ එය ප්‍රතික්ෂේප කරනවා. රෝමියෝගේ යාළුවෙක් වන Mercutio මේ අභියෝගය ගැන දැනගෙන ඇති වුණ තරහ නිසා Tybalt සමඟ සටන් කර මරණයට පත් වෙනවා. ඒ හේතුව නිසා රෝමියෝ Tybalt මරලා දානවා. රොමියෝ මිණීමැරුම් ඡෝදනාවට ලක් වෙනවා Tybalt ගේ මරණයට. මේ ඡෝදනාවට වරදකරු කරන ඔහුව වෙරෝනා නගරයෙන් පිටුවහල් කරන්නට කරන සැලසුමක් කනවැකෙන ඔහු පිටුවහල් කිරීමට පෙර මන්තුවා නගරයට පලා යනවා.


ජුලියෙත්තාගේ හා රොමේයෝගේ විවාහය ගැන නොදන්නා නිසා ඔහුගේ පලායාමෙන් අනතුරුව ජුලියෙත්තා ව පැරිස් කුමාරයට විවාහ කර දෙන්න ඇගේ දෙමාපියන් කටයුතු සැලසුම් කරනවා. මේ වෙලාවෙදි ඇය අර කතෝලික පූජකතුමාගෙන් උදවු ඉල්ලනවා. එතුමා සැලස්මක් හදනවා.


බෙහෙතක් මගින් ඇයව දින කීපයක තද නිද්‍රාවකට පත් කරවන ඇය මියගියා සේ සලකා සොහොන් ගැබෙහි තබා රොමේයෝ පැමිණි පසුව ඔවුන් දෙදෙනාවම නගරයෙන් හොර රහසේ පිටමං කිරීමයි ඒ සැලැස්ම.

තෙවන දිනය

මේ බව ලියා ලිපියක් රොමේයෝ වෙත පූජකතුමා යවන මුත් ඔහුට එය ලැබෙන්නේ නෑ. මෙකී සැලැස්ම ගැන කිසිවක් නොදන්නා රොමේයෝ වෙරෝනා වෙත පැමිණෙන්නේ ජුලියෙත්තා මිය ගොස් ඇතැයි ආරංචි වීමෙන්. නිදා සිටින ජුලියෙත්තා ව දකින රොමේයෝ ඇය සැබෑ ලෙසම මිය ගොස් ඇතැයි සිතා වස බී සියදිවි නසාගන්නවා. රොමේයෝ මියගොස් ස්වල්ප මොහොතකින් නැගීසිටින ජුලියෙත්තා සිදුව ඇති ව්‍යසනය දැක ඇයද තමන්ට පිහියෙන් ඇන සියදිවි නසාගන්නවා.



ඔවුන් ගේ මරණයන්ගෙන් පසු වෛරයෙන් පසුවූ සිටු පවුල් දෙක සාමදාන වන අතර රොමේයෝ ජුලියෙත්තා ආදර අන්දරය වෙරෝනාහි ප්‍රචලිත වෙනවා. මේ සිද්ධියෙන් බොහෝ කාලයකට පසුව වෙරෝනා හි ඉතාමත් කෙටි කාලයක් ජීවත් වන ශේක්ස්පියර් ට මේ ආදර අන්දරය කන වැකෙනවා. ඔහු මේ පිළිබඳව සොයා යෑමේ ප්‍රතිඵලයක් ලෙස , 1587 වර්ශයේදී රෝමියෝ ජුලියට් ආදර අන්දරය කළඑලි බහිනවා.




Join our Whatsapp Group


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!