zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ලොවක් හෙල්ලූ භයංකාර චිත්‍රපට 7කට පාදක වුනු සත්‍ය කතා

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 

චිත්‍රපටයක් එහෙමත් නැත්නම් සිනමා පටයක් බලලා කවදාවත් ඔයාලා හිතලා තියෙනවද තිර රචකයන්ට ඇති විශිෂ්ට මේ නිර්මාණ වලට අදහස් එන්නේ කොහොමද කියලා. හාත්සෝපාදක චිත්‍රපට, වාර්තාමය චිත්‍රපට, සංගීතමය චිත්‍රපට වලට එයාලා ගොඩාක් වෙලාවට අදහස් ගන්නේ ජීවන අත්දැකීම් වලින් කියලා නම් අපිට අනුමාන කරන්න පුළුවන්. ඒත් horror movie එහෙමත් නැත්නම් ත්‍රාසජනක චිත්‍රපට සඳහා පාදක උනු සිදුවීම් සත්‍ය සිදුවීම් වෙන්න පුළුවන් කියලා ඔයාලා කවදාවත් හිතලා නැතුව ඇති නේද? බලන්නකෝ මේ movie ගැන ඔයාලා දැනගෙන හිටියද කියලා.

01. IT චිත්‍රපටය


කවටයෙකුගේ චරිතයක් වටා නිර්මාණය වුනු මේ චිත්‍රපටිය 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ release කරන්න සූදානම් කරලා තිබුණත් ඒ වෙනකොටත් ලෝකය පුරාම වෘත්තීය කවට චරිත රංගනයේ යෙදී උන් පිරිස මේක වාරණය කරන්න කියලා දැඩි බලපෑමක් කළා. එයාලා කිව්වේ මෙම චිත්‍රපටයේ සිටින කාවටයගේ චරිතය නිසා මිනිසුන් තුළ දැඩි භිතියක් ඇති කරන අතර ඒ නිසා එය ඔවුන්ගේ වෘත්තියට බලපෑමක් වෙන්න පුළුවන් කියලයි.

කොහොම වුණත් කවටයාගේ චරිතය මිනිසුන් තුළ භීතිය ඇති කළේ අද ඊයෙ නම් නෙමෙයි. 70 දශකයේ ජීවත් උණු John Wayne Gray Jr නම් පුද්ගලයෙක් තමයි කවටයාගේ චරිතයට කළු පැල්ලමක් එකතු කලේ. මේ පූද්ගලයා වසර 6 ක් තුළ මිනීමැරුම් 33 ක් සිදුකරමින් ඇමරිකාවේ ඉලිනොයිස් හි භීතිය පැතිර වූ දාම මිනීමරුවෙක්. Jone Wayne කවටයෙක් ලෙස වෙස්වලාගෙනයි මේ මිනීමැරුම් සියල්ල සිදුකරලා තියෙන්නේ. 70 දශකයේ කවටයාගේ චරිතය මිත්‍රශීලි චරිතයක් ලෙසයි මිනිස්සු පිළි අරගෙන තිබුණේ. ඉතිං මිත්‍රශීලි චරිතය මුවාවෙන් මිනිස්සු තමන්ගේ වාහනයට නංවාගෙන වෙනත් ස්ථානයකට රැගෙන ගොස් මෙම ඝාතනයන් සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු පසු කලෙක කවට මිනිමරුව ලෙසයි ඔහුව හැදින්නුවේ.

Stephen King ගේ නවකතාවෙන් නිෂ්පාදනය වෙන Andy Muschietti, IT චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන Pennywise සඳහා Jone Wayne ගේ චරිතය පාදක කරගන්නවා.

02. 3096 චිත්‍රපටය


අවුරුදු 10 වයස Natascha Kampusch ජීවත් වෙන්නේ ඕස්ට්‍රේලියාවේ වියානා ප්‍රදේශයේ .හැමදාම පාසල් යන්න උදෙන්ම ගෙදරින් පිටත් වෙන නතාෂා 1998 මාර්තු 02 දින උදේ පාසල් ගිහින් ගෙදර අවේ නැ. මේ ගැන කලබල උන ඇගේ මව මේ ගැන පොලීසියටත් දැනුම් දෙනවා.

තොරතුරු විමර්ශනයේදී නතාෂා ගේ යාළුවා Alisha කියනවා නතාෂා පාසල ආසන්නයේදී වෑන් රථයකට දාගන්නවා දුටු බවත් එම රථය පාසලට ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් ගන්නවා තමන් දුටු බවත්.

එම වෑන් රථය සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු විමර්ශනය කළත් එයට අදාල කිසිදු තොරතුරක් දැනගන්න ලැබුණේ නෑ.

නතාෂා පැහැරගෙන තිබුණේ Wolfgang Přiklopil කියන පුද්ගලයා විසින්. ඔහුගේ නිවසේ ශුක්ෂමව උමගක් සාදා වර්ග අඩි 54ක කාමරයක නතාෂා ව සිරකොට තබා තිබෙනවා. අතුරුදහන් වී දින 3096 කට පසු එනම් 2006.08.23 දින එම ස්ථානයෙන් නතාෂා පැන ගොස් පොලිසියට භාරවෙන තුරුම ඇය බාහිර සමාජයෙන් වෙන්ව ජීවත් වෙනවා. කෙසේ වෙතත් නිරුපද්‍රිතව නතාෂා පොලිසියට භාර වූ බව දැනගත් Wolfgang Priklopil කොච්චියට පැන සිය දිවි හානිකර ගන්නවා.

පසුකාලීනව නතාෂා විසින් තම අත්දැකීම පොතක් ලෙස එළිදක්වන අතර එය ත්‍රාසජනක චිත්‍රපටයක් ලෙස ලෝකය පුරාම තිරගත උනා.

03. Annebelle


මේකත් 70 දශකයේ උණු ත්‍රාසජනක සිද්ධි මාලාවක් වටා නිර්මාණය වුනු movie එකක්. Donaa වයස අවුරදු 20 ක තරුණියක් උනත් එයා බෝනික්කන්ට පුදුම ආශාවක් තිබුණේ. ඉතිං එයාගේ 20 වැනි උපන්දිනයට එයාට Raggady Anne Doll වර්ගයේ බෝනික්කෙක් තැගි ලැබෙනවා. දවසක් Donaa දකිනවා මේ බෝනික්කා ඉස්සරහ help me කියලා ලියපු පොඩි තුණ්ඩුවක් වැටිලා තියෙනවා. එච්චර ගණන් නොගත්තත් එදායින් පස්සේ Donaa ගේ කාමරයේ හා නිවසේ බෝනික්කා පාදක කරගෙන අමුතු අමුතු සිද්ධි ජාලයක් පටන් ගන්නවා. ඉතිං නිවසේ සිදුවෙන මේ අමුතු දේවල් ගැන සැලවීමෙන් පස්සේ අත්භූත දේවල් ගැන හොයල බලන ඇමරිකාවේ ඉන්න ප්‍රසිද්ධ පුද්ගලයන් දෙන්නෙක් වෙන Ed සහ Lorrein Warren මේ ගෙදරට ඇවිත් පර්යේෂණ කරනවා.

එයාලට තේරෙනවා මේ බෝනික්කා තුළ අත්භූත බන්ධනයක් තියෙන බව. පසුව පූජකයෙකු ගෙනැවිත් මේ බෝනික්කා බන්ධනය කර කෞතුකාගාරයකට භාර දෙනවා. අදටත් මෙම බෝනික්කා එකේ සුරක්ෂිතව තියෙන බවයි පැවසෙන්නේ. ඉතිං මේ movie එකත් බලලා ඒ අත්දැකීම විදින්න ඔයාලටත් මම ආරාධනා කරනවා.

04. Open Water


Thomas Lonergen සහ Eileen Lonergan කියන්නේ සංචාරය හා මුහුදේ කිමිදෙන එක විනෝදාංශය කරගත්තු එකිනෙකාට හොදින් ගැලපෙන විවාහක යුවළක්. පුරුද්දක් විදිහට මුහුදේ කිමිදෙන්න යාළුවොත් එක්ක යන මෙයාලා දෙන්න 1998.01.25 වෙනිදා ඕස්ට්‍රෙලියවේ මහභාදක කොරල් පරය අවට සංචාරය කරන්න යනවා. ආපු නැව ගොඩබිමට ගියත් එකේ මේ දෙන්න නැ කියල කාටවත් තේරුනේ නෑ. දවස් දෙකකට පස්සේ කිමිදුම් කරුවන් සමග මෙයාලව හෙව්වත් කාටවත් මෙයාලා හොයාගන්න බැරි උනා. දවස් ගානකට පස්සේ මුහුදු වෙරළට ගොඩගහල තිබුණු මෙයාලා දෙන්නගේ පුංච් පුංචි ඇදුම් කැබලි විතරක් හම්බු වුණා. මාස 6 කට පස්සේ වෙරළට ගොඩගහළ තිබුණු පුංචි කොල කෑල්ලක් හම්බුනා. එකේ ලියලා තිබුණේ “අද 1998.01.26 උදේ 8 වේලාව. අපිව අමතක කරලා නැව ගොඩබිමට ගිහින්. අනේ අපිව බේරගන්න”

ඉතිං මේ ආදර කතාව තේමා කරගෙන තමයි Open Water movie එක හැදිලා තියෙන්නෙ.

05. Monster


ඇමරිකානු ඉතිහාසයේ හිටපු දෙවැනියට දරුණුම ගැහැණිය ගැන තමයි මේ movie එකෙන් කියවෙන්නේ. Charlize Theron කියන ලෝ ප්‍රසිද්ධ නිළිය ප්‍රධාන චරිතය පනපොවන මෙහි රඟපාන්න ඇයට තමන්ගේ බර කිලෝ ග්‍රෑම් 13 කින් වැඩි කරගන්නත් ඇයගේ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්නත් සිද්ධ උනා. දෙමාපියන් නොමැතිව තම සහෝදරයා සහ මිත්තණිය සමඟ ජීවත් වුණ Aileen Carol Wuornos වයස අවුරුදු 14 දී ගැබ් ගන්නවා. දවසින් දවස එකිනෙකට වෙනස් සිද්ධිදාමයන් රාශියකට මුහුණ දෙන්න සිද්ධ වෙන Aileen තමන්ගේ පළවෙනි මනුෂ්‍ය ඝාතනය සිදු කරන්නේ වයස අවුරුදු 14 දී. එනම් 1989.11.30 දා රිචඩ් මැල්රෝයි නම් පුද්ගල ඝාතනයෙන්. වසරක් ඇතුලත ඝාතන 7 ක් සිදුකරන ඇය ඒ සදහා ක්‍රියා කළ ආකාරය තුළින් මෙම චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ.

06. The Curse of Robert the Doll


Robert කියන්නේ බෝනික්කෙක්. මේ කතාව පටන් ගන්නේ 20 වැනි ශතවර්ෂයේදී. මුලින්ම මේ බෝනික්කාව අයිති වෙලා තිබුනේ රොබට් ඉයුජින් ඔටෝ කියන ළමයාට. මේක එයාට දුන්නේ එයාලගේ නිවසේ සේවයේ හිටිය වැඩකාරියක්.

ඇය මේ බෝනික්කා ශාපයකට නතුකරලා ඇති බවයි පවසන්නේ. මුලින් මුලින් මේ බෝනික්කා ශබ්ද පිටකරන්නත්, පසුවෙනකොට කතාකරන්න, යම් යම් දේවල් කරන්නත් පෙලඹිලා තියෙනවා. දැන් මේ බෝනික්කා ඉන්නේ East Martello කියන කෞතුකාගාරයේ. හැබැයි අදටත් රොබට් ගෙන් අවසරයක් නැතුව එයාව photo ගන්න, අල්ලන්න එහෙම බැ. බැරිවෙලාවත් එහෙම කළොත් රොබට් ගෙන් සමාව ගන්නකම්ම එක එක කරදර ක්‍රියාවට සම්බන්ධ උන කෙනාට මුහුණ දෙන්න වෙනවලු. ඉතිං රෝබර්තෙන් සමාව ඉල්ලලා අදටත් දවසට ලිපි 10-12ක් වරදින්නේ නෑ.

මේ බෝනික්කා ගැන තමයි The Curse of the Robert Doll movie එක නිර්මාණය කරලා තියෙන්නේ. ඉතිං ඔයාලටත් පුළුවන් movie එක බලලා එකේ තියෙන ඒව ඇත්තද කියලා අත්විඳලා දැනගන්නත්.

07. Primeval


ඔයාලා විනෝදාංශයක් විදිහට ලෝකයපුරා සංචාරය කරන අයෙක්නම් මේක ගැන දැනගන්න ම වෙනවා. නැගෙනහිර අප්‍රිකාවේ බුරුන්ඩ් රාජ්‍යයේ තෙත් බිම් වල වාසය කරනවා යැයි සැලකෙන මිනීමරු Gustave කිඹුලා ගැනයි මේ movie එක. සාමාන්‍යයෙන් Gustave ගේ ආයු කාලය වසර 70-100 අතර වෙනවා. ඒත් මේ කිඹුලා හරියටම මේ ප්‍රදේශයේ ඉන්නවා කියන්න දැකපු කෙනෙකුත් නැ. ඒත් ජීවිත 209 ක් 300 ක් අතර ප්‍රමාණයක් දැනට අහිමි වෙලා තියෙනවා. මේ මිනීමරු කිබුලගේ ඇති බිහිසුණු ක්‍රියාවන් අලලා තමයි Primeval movie එක නිර්මාණය වෙලා තියෙන්නේ.


Join our Whatsapp group


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!