Loading..

පෘථිවි ජීවයේ මුල් පුරුක | The first links of life on Earth

සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියා වන සූර්යයා G2V කාණ්ඩයට අයත් මධ්‍යම ප්‍රමාණයේ තාරකාවකි.සූර්යයා සම පෘථිවි දින 25.4 කට වරක් සිය අක්ෂය වටා භ්‍රමණය වෙමින් දළ වශයෙන් 240km/h වේගයකින් lyra (වීණාව) නම් තාරකා මණ්ඩලය දෙසට ගමන් කරයි.පෘථිවිය ඇතුළු සියළුම ග්‍රහලෝකවලට ශක්තිය සපයන සූර්යයා පෘථිවිය මෙන් 109 ගුණයක් විශාල වේ. සූර්යයා එහි ඇති හයිඩ්‍රජන් පරමාණු හීලියම් පරමාණු ( H - He)බවට පත්වීමේදී ඇති විශාල ශක්ති ප්‍රමාණයක් තාපය හා ආලෝකය මුදා හරිමින් තවත් වසර කෝටියක් පමණ මේ අයුරින්ම ක්‍රියාත්මක වෙමින් පවතින බව ගණන් බලා තිබේ.තවම තරුණ තාරකාවක් වන සූර්යයා යම් දවසක න්‍යෂ්ටික විලයන ප්‍රතික්‍රියාවට අවශ්‍ය හයිඩ්‍රජන් ප්‍රමාණය අවසන් වීමෙන් දීප්තිය ක්‍රමයෙන් වැඩි වී රතු වාමන යෝධයෙක් බවට පත්වී හැකිළී යන්නේ යැයි තාරකා විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබේ.

වැදගත් කරුණු:-

පෘථිවියේ සිට දුර:- 149,600,000 km පමණ.

සූර්යයාගේ විෂ්කම්භය :- 1,392,000 km පමණ

සූර්යයාගේ උෂ්ණත්වය :-

 මතුපිට :- 5500°c  -6000°c පමණ

කේන්ද්‍රීය උෂණත්වය :- 20,000,000°c

සංයුතිය :- 

හයිඩ්‍රජන්:- 73%  හීලියම් :- 25%  වෙනත් :- 2%

වයස :- වසර බිලියන 4.6කි

ක්ෂීරපථයට අයත් වේ.

ක්ෂීරපථය වටා පරභ්‍රමණයට වසර 225,000,000 ක් ගත වේ.

සූර්යයාලෝකය පෘථිවියට ලැබීමට යන කාලය මිනිත්තු 8 කි.

ක්ෂීරපථයේ සාගර පැවතිය හැකි කලාපය වන Orion Arm හි පිහිටයි.

සූර්යයාගේ සිට පෘථිවියට ඇති දුර AU (Astronomical Unit) 1ක් ලෙස ගණනය කිරීම සිදුකරයි.


https://findersl.tiiny.site

https://www.youtube.com/@sl_astronaut



from Science FinderX https://ift.tt/KM43wpI
via IFTTT
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...