Loading..

නීරෝගී කෙස් කළඹකට රහස් 5ක්...


 


01.සැහැල්ලුවෙන් සිටින්න, ආතතිය ඔබේ හිසකෙස් වල නීරෝගි බව කෙරෙහි බලපායි. කෙස්කලඹට කොතරම් සත්කාර කලත් මනසින් ව්‍යාකූලව, පීඩනයකින් සිටිනවා නම් ඔබේ කෙස් කලඹේ සැබෑ ලස්සන ඉස්මතු නොවේ.

02.දිනපතා දාර කෙඳි සහිත බුරුසුවකින් ඔබේ හිස් කබල සම්බාහනය කරන්න. ඉන් හිස්කබලේ රුධිර සංසරණය සක්‍රීය වී හිසකෙස් වර්ධනය වැඩි දියුණු වේ.

03.ඔබට ඇත්තේ හානි වූ කෙස් කලඹක් නම් හිසකෙස් වල අග පැලීමට ඇති ඉඩකඩ වැඩිය. එබැවින් ඔබේ කෙස්කලඹ නිරෝගිව තබාගැනීමට සෑම සති 8 කට වරක්ම එහි අග කොටස් කපා කෙටි කරන්න.

04.සැටින් හෝ සිල්ක් (සේද) රෙද්දෙන් මැසූ කොට්ට කවරයක් භාවිතා කරන්න. මෙම රෙදි ඔබේ හිසකෙස් වලට ඇති විය හැකි හානි අවම කරනවා.

05.කොණ්ඩය තෙත වෙලාවට පනාවකින් පීරන්න එපා. හිසකෙස් දුර්වල වී ඉක්මනින් කැඩෙනවා. ඒ වෙනුවට කන්ඩිෂනර් ගාලා ඉද්දි පළල් තත් සහිත පනාවකින් පීරන්න.

මගෙන් තෑග්ගක් කෙල්ලොන්ට...😌❤️


Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.