🅾️ඔසප්වීම කියල කියන්නෙ වැඩිහිටි කාන්තාවන් හැම කෙනෙකුගෙම ශරීරයේ මාසිකව සිදුවෙන සංසිද්ධියක්. ඒක ඉතින් අපි හැමෝම දන්නවනෙ.
🅾️ මේ ඔසප්වීම පවතින දින කිහිපය ඉතින් කාන්තාවන්ට වෙනදා තරම්ම පහසුවෙන් වැඩ රාජකාරි කරගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ දවස්වලට සිදුවෙන හෝර්මෝන වෙනස්වීම් සහ අපහසුතාවයන් නිසා ඒ දවස් ටිකක් කරදරකාරී. ටිකක් නුරුස්සනා ගතිය, මද වශයෙන් දැනෙන බඩේ කැක්කුම සහ ඔය පොඩි පොඩි අපහසුතා මේ දවස්වලට සාමාන්‍ය දේවල්.
🅾️හැබැයි එදිනෙදා ජීවිතේ වැඩ රාජකාරි කරගන්න බැරි මට්ටමට බඩ, කොන්ද සහ කලවා ආශ්‍රිත ප්‍රදේශයේ ඇතිවෙන දරුණු වේදනාව, අධික රුධිර වහනය, අධික තෙහෙට්ටු ගතිය හෝ කලන්තය වගේ දේවල්නම් කිසිසේත්ම සාමාන්‍ය නැහැ.
🅾️ගැහැනුන්ට උරුම වේදනා කියල ඒ වගේ දරුණු මට්ටමේ ලක්ෂණ නොසලකා හරින්න බැහැ කොහොමටවත්ම. මොකද සාමාන්‍ය ඔසප්විමකදී එහෙම ටිකක් දරුණු මට්ටමේ ලක්ෂණ පෙන්වන්න ශරීරයේ, විශේෂයෙන්ම ගර්භාෂය ආශ්‍රිත වෙනත් සෞඛ්‍යමය තත්ත්වයක් හේතු වෙන්න පුළුවන්.

