Loading..

රියෝ නගරයේ ක්‍රිස්තුස් ප්‍රතිමාව


 

 

බ්‍රසීලයේ රියෝ නගරයේ ටිහුකා ජාතික උද්‍යානයේ කඳු ගැටයක් මත අඩි 125ක උසකින් යුක්ත සුවිසල් ක්‍රිස්තුස් ප්‍රතිමාවක් ඉදි කර තිබෙනවා. 1922 වසරේ දී මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ වුණා. එම කාර්යය සඳහා ප්‍රංශ මූර්ති ශිල්පි පෝල් ලැන්ඩොව්ස්කි, බ්‍රසීල ඉංජිනේරු හයිතර් කොස්තා, ප්‍රංශ ඉංජිනේරු ඇල්බට් කැකට්, රුමේනියානු මූර්ති ශිල්පී ගියෝර්ගේ ලියොනිඩා යන පිරිස සම්බන්ධ වුණා. ජේසුස්වහන්සේ සියලු දෙනාට ආදරය කරන්නේ ය යන්න පිළිබිඹු කිරීම සඳහා නිර්මාණය වුණු මෙම ප්‍රතිමාවේ වැඩ වසර 9ක් ඇතුළත අවසන් වුණා.

ස්වීඩනයෙන් ගෙන්වූ මේදෝපාෂාණ හා කොන්ක්‍රීට් එකතුවෙන් සෑදූ මෙම සුවිසල් ප්‍රතිමාවේ බර ටොන් 635ක් වෙනවා. සියවසක කාලයක් රියෝ නගරය සුන්දර කළ ක්‍රිස්තුස් ප්‍රතිමාව, බ්‍රසීලයේ ජාතික සංකේතයක් බවට පත්ව තිබෙනවා. මෙම නිර්මාණය නූතන යුගයේ බිහිවුණු අරුම පුදුම නිර්මාණයක්. එනිසා 2007 ජූලි 7 වැනි දින නම් කළ නූතන පුදුම හත අතරට රියෝ නගරයේ ක්‍රිස්තුස් ප්‍රතිමාව ද ඇතුළත් වුණා.

Previous Next

Top Post Ad


නවතම ලිපි...