Loading..

කහ උණ කියන්නේ බෝ වෙන ලෙඩෙක් ද?


 


දහනවවැනි සියවසේ ජීවත් වුන පර්යේෂකයයෙකු වන Stubbins Ffirth කරපු හිතාගන්න බැරි පර්යේෂකයක් ගැනයි...

ඒ තමයි මේ කහ උණ රෝගය බෝ වෙනවද යන්නයි...

කහ උණ රෝගය දහනවවැනි සියවසේ ලෝකය පුරාම පැතිරී ගිහින් තියෙනවා.මේ රෝගී තත්ත්වය නිසා උණ ඇතිවෙලා සමහර වෙලාවට අක්මාවට එහෙමත් හානි සිදු වෙලා තියෙනවා...

ඒ නිසා මේ රෝගය වැළදුනු මිනිසුන්ගේ ශරීරය කහ පාට වෙලා තියෙන නිසා තමයි මේ රෝගය කහ උණ කියලා හඳුන්වලා තියෙන්නේ...

කොහොම වුණත් මේ පර්යේෂකයාගෙ මතය වෙලා තියෙන්නේ මනුස්සයෙක්ගෙන් මනුස්සයෙක්ට මේ රෝගය සාමාන්‍ය වශයෙන් බෝවෙන්නේ නෑ කියන එකයි...

මේක තහවුරු කරන්න ඔහු කරපු දේවල් තමා හිතාගන්න බැරි දේවලා විදියට හඳුන්වන්න වෙන්නේ...

මොහු කරපු දෙයක් තමයි මේ කහ උණ රෝගය වැළඳුනු රෝගියෙක්ගෙ වමනය භාජනයකට එකතු කර ගෙන තියෙනවා...

ඊටපස්සේ ඔහු තමන්ගේ අතේ කැපුමක් සිදු කර ගෙන ඒ තුලට වමනය ටිකක් දාලා තියෙනවා වගේම ඔහු තමන්ගේ ඇහැටද ඒවා දාගෙන තියෙනවා...

ඒ වගේම මොහු එම වමනය රත් කර ඒවායින් එන වාෂ්ප ද දුම් අල්ලා තියෙනවා...

ඒ සෑම පරීක්ෂණයකින්ම ඔප්පු වුනේ මෙම රෝගය බෝ නොවන බවයි.එම නිසා ඔහු කරපු සියලුම පරීක්ෂණ සාර්ථක වුනා...

මේ ලඟදි කර පරීක්ෂණයකින් සොයා තියෙනවා මෙම කහ උණ මදුරුවන්ගෙන බෝ වෙන බවයි.



Previous Next

Top Post Ad


උණුසුම් පුවත්.