Loading..

කොටස් 27,000කට කැපී ගිය සිරුරක්. Story of a Digital Cadaver

 



සුසෑන් පොටර් ගුරුවරියකි.සමාජ ක්‍රියාකාරිනියකි.නමුත් ඒ ඈ ජීවත්ව සිටි සමයේදීය.දැන් ඇය මියගොස්ය.නමුත් ගුරු වෘත්තියේ කෙලවර වන්නේ කවදාද..විශ්‍රාමයෙන් හෝ මරණයෙන් ඉගැන්වීමේ කාර්යය අවසන් නොවෙයි.මරණයෙන් පසුවද ඉගැන්වීමේ කාර්යය කලයුතු යැයි තීරණය කිරීමට පෙර ඇය එසේ සිතන්නට ඇත.

2000 වසරේ නව සහස්‍රකය ආරම්භ වනවිට සුසෑන් පොටර්ගේ සෞඛ්‍ය තත්වය ඇයව අන්තයටම ඇද දමා තිබිනි.එකල ඈ පියවුරු පිළිකාවකින් පීඩාවිඳිමින් සිටියාය.ඇයගේ ආයු කාලය තවත් වසරක් හෝ ඉතිරිව නැතැයි සියල්ලන්ම සිතන්නට විය.ඇයද එසේ සිතන්නට විය.තමා මියගිය පසු තම සිරුර විද්‍යාව උදෙසා පරිත්‍යාගය කිරීමේ අදහස ඇය තුල ඇතිවූයේ එකලය.නමුත් ඒ සාමාන්‍යය ක්‍රමයට වඩා වෙනස් ආකාරයකිනි.මෙකල National Geographic සඟරාවේ මූලිකත්වයෙන් "දෘශ්‍යය මානව ව්‍යාප්තිය" නමින් වෙනස්ම ආකාරයක ව්‍යාපෘතියක් ආරම්භ වී තිබිනි.මිනිසාගේ භෞතික ශරීරය ඩිජිටල් අවකාශයක ප්‍රතිනිර්මාණය කිරීම මෙහි අරමුණ විය.සුසෑන් පොටර් සිය ප්‍රාණය මුක්ත සිරුර ප්‍රදානය කිරීමට සැරසුනේ මෙයටය.

Ads Click

මරණය යනු සියල්ල අත්හැර යාමක් බවත් සත්වයා විසින් ලෝක චක්‍රය තුල පසුකර දැමිය යුතු එක්තරා කඩයිමක් පමණක් බවත් ඇය අවබෝධකරගෙන සිටි බවක් පෙනෙන්නට තිබිනි.දෘෂ්‍ය මානව ව්‍යාප්තියේදී තම සිරුරට අත්වන ඉරණම කුමක්දැයි හොඳාකාරවම දැන සිටියද එයට මුහුණ දීමේ නිර්භීත තීරණය ඇය ගත්තේ එබැවිනි.ඇය සිය අභිලාෂය පැවසූ පසුව,ව්‍යාප්තියේ ප්‍රධානියා වූ "වෛද්‍ය වික්ටර් ස්පිට්සර්" පවා ඇයගේ ඉල්ලීම ප්‍රතික්ශේප කරන්නට වූයේ ඒ පුදුමසහගත බව නිසාය.නමුත් අවසානයේ ඇයගේ ඉල්ලීමට ඉඩදී ඩිජිටල් අවකාශය තුල ඇයව අමරණීය කිරීමට ව්‍යාප්ති කණ්ඩායම සූදානම් විය.ඇයද මරණය ඇය සොයා එන තෙක් මගබලා හිඳින්නට විය.නමුත් බලාපොරොත්තු වූ අයුරෙන් ඉක්මනින්ම මාරයා ඈ සොයා නොපැමිණියේය.පියවුරු පිළිකාව පරාජය වී තිබිනි.නමුත් අවසානයේ වසර 15ක් ගෙවීගිය පසු 2015 වසරේ පෙබරවාරියේදී ඇයට සිය ආයුශ අවසන් කරන්නට සිදුවිය.ඒ නිවුමෝනියා තත්වයක් නිසාවෙනි.ඒ වනට විය ඇයගේ වයස අවුරුදු 87කි.

දෘෂ්‍ය මානව ව්‍යාප්තියේ කටයුතු ඇරඹිනි.

ප්‍රාණය මුක්ත සුසෑන්ගේ සිරුර "පොලිවයිනයිල් ඇල්කොහොල්" තවරා සෙල්සියස් අංශක සෘණ 26 (-26°C)ක උෂ්ණත්වයක් තුල වසර දෙකක් තිස්සේ මිදෙන්නට තබන ලදී.පසුව ඇයගේ මිදීගිය සිරුර ප්‍රධාන කොටස් හතරකටත්,ඒවා නැවත කෙස් ගසකටත් වඩා තුනී කොටස් 27,000කටත් සියුම් ලෙසින් කපාදැමිනි.පසුව දින 60ක් පුරාවට එසේ වෙන්කරන ලද තුනී කොටස් චායාරූප ගත කර පරිගණක තාක්ෂණය ආදාරයෙන් ඒවා නැවත පෙලගස්වා ත්‍රිමාණ කැඩෑවරයක් ලෙසින් ප්‍රතිනිර්මාණය කරන ලදී.සුසෑන්ගේ සිරුර අද ලොව ඇති විශිෂ්ටතම ඩිජිටර් කැඩෑවරයි.

මානව ශරීරයේ සෑම අස්සක් මුල්ලක් නෑරම,සාමාන්‍යය මනුශ්‍යය පෙනුමක සිට අස්ථි දක්වාම විනිවිද දැකිය හැකි අයුරෙන් සෑම ස්නායුවක්,සෑම රුධිර නාලයක්,සහ අනෙකුත් සෑම පද්ධතියක්ම පවා මනාව දැකිය හැකි අන්දමින් එය නිමවා ඇත.වර්තමානයේ වෛද්‍ය සිසුන්ගේ අධ්‍යාපනය සඳහා එය භාවිතා වෙයි.පහත චායාරූප තුලින් එය කෙතරම් තියුණුදැයි දැකිය හැකිය.

©සංකල්ප ගුණතිලක

Previous Next

Top Post Ad


නවතම ලිපි...