හර්කියුලේනියම් යනු මීට වසර 1940 පමන පෙර පැවති රෝම නගරයකි.
මේ නගරය බොහෝ දෙනෙක් දන්නා පොම්පෙ නගරයේ සහෝදර නගරය ලෙස එකල සැලකුනි.
විසුවියස් ගිණි කන්ද පුපුරා යෑමත් සමග පොම්පෙ නගරය විනාස වූ අතර, ඊටත් වඩා දරුණු අවසානයකට මුහුණ පෑමට හර්කියුලේනියම් වැසියන්ට සිදු විය.
අධික වේගයෙන් ගලා ගිය දුම් වලාවක් තප්පර කිහිපයක් තුල මුලු නගරයම වසා ගත්තේය.
ඒ වලාකුලේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1000 පමන විය.
මිනිසාගේ ශරීරයේ 60% වතුර වන නිසා තප්පර ගනනක් ඇතුලත ශරීරයේ වතුර නටන මට්ටමට පැමිනි
අතර,
මිනිසුන්ගේ සම ගැලවී වැටී, හිස් කබල පිපිරී මරණයට පත්
විය.

