ඔබ දන්නවාද?
න්‍යෂ්ටික අවි ඇති ලෝකයේ සෑම රටකම පාහේ හදිසි අවස්ථාවක ඕනෑම ස්ථානයක සිට එම මිසයිල දියත් කරවිය හැකි විධාන අඩංගු සූට්කේස් එකක් තිබේ.
ඇමරිකාවේ මෙම සූට්කේස් එක "Nuclear Football" යනුවෙන් හඳුන්වන අතර එය ජනාධිපති තමන් යන සෑම ස්ථානයකටම රැගෙන යනු ලැබේ. එලෙසම සතුරන්ගේ අතට පත් නොවීමට එකම වර්ගයේ සූට්කේස් කිහිපයක්ම හමුදා නිළධාරීන් එක විට රැගෙන යයි.
සාමාන්‍යෙන් මෙම සූට්කේස් එක මඟින් න්‍යෂ්ටික මිසයිල දියත් කළහොත් ඒවා ඇමරිකාවේ සිට ලෝකයේ ඕනෑම තැනකට මිනිත්තු 30 කින් පමණ ගමන් කරනු ඇත.

