Loading..

පුත්‍රයෙක්ට ජීවිතයේ වටිනාකම ඉගැන්නූ පියෙක්

 

එක්තරා පියෙකුට ඕන උනා තමන්ගේ පුතාට ජීවිතේ  වටිනාකම කියලා දෙන්න.


ඔහු මේ තරුණයාගේ අතට පොඩි ගල්කැටයක් දුන්නා. දීලා කිව්වා, " ඔයා මේ ගල අරගෙන පොළට ගිහින් ඔයාට හම්බ වෙන අයට පෙන්නන්න. කවුරුහරි මිලදී ගන්න ඇහුවොත්, අතේ ඇඟිලි දෙකක් පෙන්නන්න. ගානක් කියන්න එපා. ඒ වගේම කාටවත් ම මේක විකුණන්න එපා." කියලා.

තරුණයා මේ ගල අරගෙන පිටත් වුණා. ඔහුට පොළේදී කාන්තාවක් හම්බ වුණා. මේ කාන්තාව මේ ගල් කැටය දැකලා කිව්වා,
" මේක මගේ ගෙදර මාළු ටැංකියට දාන්න පුළුවන්. මේක කීයද ?" තරුණය අතේ ඇගිලි දෙකක් ඔසවලා පෙන්නුවා.
" රුපියල් දෙසීයයි ද ? මට මේක දෙන්න" කාන්තාව කිව්වා. නමුත් තරුණයා තමාගේ පියාගේ උපදෙස් මතක් කරගෙන ආපහු හැරිලා ගෙදර ආවා.

ඔහු පියාට කිව්වා සිදුවුණු සිදුවීම.
"දැන් මේ ගල අරගෙන කෞතුකාගාරයට යන්න. එතනදිත් මිලදී ගන්න කෙනෙක් ඇහුවොත්, කිසිවක් නොකියා අතේ ඇඟිලි දෙකක් පමණක් ඔසවන්න. නමුත් මතක තියාගන්න මේ ගල විකුණන්න එපා." පියා නැවත කිව්වා.
තරුණයා මේ ගල අරගෙන කෞතුකාගාරයට ගියා. ඔහු කෞතුකාගාරය බාරව සිටින තැනැත්තාට මෙම ගල පෙන්නුවහම, ඔහු කිව්වා ඔහු මේ ගල මිලදී ගන්න සූදානම් කියලා.
"කීයටද ගල විකුනන්නෙ?" ඔහු ඇසූවා.
තරුණයා නැවතත් අතේ ඇඟිලි දෙකක් ඔසවා පෙන්නුවා.
"රුපියල් විසිදාහක් ද ? මම ගල මිලදී ගන්නවා" කෞතුකාගාර පාලකයා කිව්වා.

තරුණයා ගෙදර ගිහිල්ලා තාත්තට මේ සිදුවීමත් පැවසුවා.
"හරි දැන් අන්තිම වතාවට මේ ගල අරගෙන නගරයේ ඉන්න මැණික් ව්‍යාපාරිකයා ළඟට යන්න. ඔහුටත් පෙර වගේම ඇඟිලි දෙකක් ඔසවා පෙන්නන්න. නමුත් විකුණන්න එපා. ආයේ අරන් එන්න"
තරුණයා මැණික් ව්‍යාපාරිකයා ලඟට ගියා.
මේක දැකපු මැණික් ව්‍යාපාරිකයා පුදුම වුණා.
"ඔබට කොහෙන්ද මේ ගල හම්බ උනේ? මේක ඉතාම දුර්ලභ ගණයේ මැණිකක්. මම මේක ලබා ගත යුතුයි . කරුණාකර ඔබගේ මිල කියන්න." මැණික් ව්‍යාපාරිකයාට පිළිතුරු විදිහට තරුණයා නැවතත් ඇඟිලි දෙකක් ඔසවා පෙන්නුවා.
"ලක්ෂ දෙසීයක්. ඔව් එය ඉතාම සාධාරණ මිලක්. මම ඔබට ලක්ෂ දෙසීයක් දෙන්නම්. මේ ගල මට දෙන්න. "
තරුණයන් කිසිවක් කියා ගන්න බැරි වුණා. ඔහු ඉතාම පුදුමයට පත්වුණා. ඔහු නැගිට ගෙදර දිව්වා.

ඔහු කිසිවක් කීමට පෙර ම තාත්තා ඔහුගෙන් ඇහුවා, "දැන් ඔයාට තේරෙනවද ජීවිතේ වටිනාකම?" කියලා .
"මට මුකුත්ම හිතාගන්න බැහැ. එකම ගල් කැටේට එක එක තැන්වල, එක එක පුද්ගලයන්ගෙන් වෙනස්ම වටිනාකමක්." තරුණය පුදුමයෙන් කිව්වා.

"ඔයා මගෙන් ඇහුවෙ ජීවිතේ වටිනාකම මොකක්ද කියලා. ඔයාට ඒක වචනයෙන් විස්තර කරනවට වඩා අත්දැකීමෙන්ම තේරුම් ගන්න දෙන්න මට හිතුනා.

ජිවිතේ ගොඩක් වෙලාවට අපි අපේ වටිනාකම හරියටම දන්නේ නැහැ.
ඒක හරියට ඔයාගේ අතේ තිබිච්ච මැණික් ගලේ වටිනාකම ඔයා දැනගෙන හිටියේ නෑ වගේ .
අපි අපේ වටිනාකම මනින්න හදන්නේ අපේ වටපිටාව ඉන්නේ මිනිස්සු අපිට දෙන අගය මත.


Next page>>

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...