zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

ඇයි ගැහැණු පාර්ශ්වය පිරිමින්ට වඩා වැඩිපුර කතා කරන්නේ ?

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.


 ​​


   ගොඩක් අයගේ හිතේ තිබ්බ ප්‍රශ්නයක් විදිහටත් මේක සලකන්න පුලුවන්. මේක ගැන කතා කරන්න නන් සන්නිවේදනයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා කරන්ට ඕනි. කෙටියෙන් මේ සිද්ධිය කිව්වොත් සාමාන්‍යයෙන් ගැහැණු අය වැඩිපුර කතා කරන්නේ චිත්තවේගිය සම්බන්ධතාවයක් ඇති කරගන්න මොක ද ඒගොල්ලන්ට පිරිමින්ට වඩා සන්නිවේදනය අවශ්‍යයි හැගීම් ප්‍රකාශ කරන්න.පිරිමි කියන්නේ අවශ්‍ය දේවල් අනුව සන්නිවේදනයේ යෙදෙන පාර්ශ්වයක්.මේ හින්දා තමා පිරිමියාට වඩා ගැහැණිය වැඩිපුර කතා කරන්නේ 🫠

ඉතින් මේ ගැන අධ්‍යන බොහෝමයක් කරලා හොයා ගෙන තියෙනවා කාන්තාවන් පිරිමින්ට වඩා තුන් ගුණයක් පමණ කතා කරන බව.සාමාන්‍යයෙන් කාන්තාවන් දිනකට වචන 20,000ක් කීමට නැඹුරු වෙනකොට පිරිමින්ට වචන 7000 ක් විතර තමයි කියන්නේ කියලා තමයි හොයා ගෙන තියෙන්නේ.

මේකට හේතුව ජීව විද්‍යාත්මක ව පැහැදිලි කළොත් කාන්තාවන්ගේ මොළයේ කථන නිෂ්පාදනයට සම්බන්ධ වූ යම් ප්‍රෝටීනයක් පිරිමින්ට වඩා තියෙනවා.
FOXP2 නම් ජානය තමයි මේ කථන නිෂ්පාදනයට වැදගත් වෙන්නේ.පස්සේ මිනිසුන්ව යොදාගෙන පර්‍යේෂණයක් සිදු කරා මේක හරියටම දැනගන්න.ඉතින් වයස අවුරුදු 4 ඉදන් 5 දක්වා ළමුන් මත මේ පර්‍යේෂණය සිදු කරන ලද අතර ඒ අනුව පිරිමි ළමයින්ට වඩා ගැහැණු ළමයින්ගේ මොළයේ FOXP2 ප්‍රෝටීන් සියයට 30 ක් වැඩි බව සොයා ගත්තා.මේක මිනිස්සුන්ට විතරක් නෙමේ ක්ෂීරපායීන්ගේ සන්නිවේදනයට පවා FOXP2 වැදගත් වෙනවා.මොක ද මීයන්ගේත් මේ සිද්ධිය වෙනවා.පිරිමි මී පැටවුන්ගේ මොළයේ ගැහැණු පැටවුන්ට වඩා දෙගුණයක් මේ ප්‍රෝටීනය තියෙන හින්දා ගැහැණු සත්තු වගේ දෙගුණයක් අඩනවා මේ පිරිමි මීයන්.( මෙහෙම අඩන්නේ මීයන් ආතතියට පත් වුනා ම...)

🥴 ඒවුනාට පිරිමියා හා කාන්තාව වෙනස් වීමට හේතුවක් විදිහට මේක ගන්න එක වැරදි. නිකමට ව්‍යාපාරයක් ගැන සලකලා බැලුවොත් පිරිමින් ආධිපත්‍යයක් ගන්නවා ව්‍යාපාර සංවාදවල.එතකොට මේ සංඛ්‍යාලේඛන අවස්ථාව අනුව වෙනස් වෙනවා.අනික පිරිමියා දකින ආකාරය අනුව කාන්තාව කතා කරනවා වැඩියි කියලා හිතන්නේ.🥴ඉතින් ඔය දුර්මතය හින්දා තමා ගෑණු කියවනවා වැඩියි කියලා සමාජය සලකන්නේ. හැබැයි ඉතින් ඒක තීරණය වෙන්නේ වඩාත් විධිමත් හෝ පොදු සැකසුම් තුළ වැඩිපුර කතා කරන එකෙන්.මගේ මතය නන් ඒක තමයි උසස් තත්ත්වයේ ඉන්නවා කියන එක.


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!