radivoje lajic නමින් හදුන්වනු ලබන බොස්නියානු ජාතික පුද්ගලයෙකුගේ නිවසට උල්කාපාත හයක් පතිත වී ඇත.
මුල්ම උල්කාපාතය කඩා වැටී ඇත්තේ 2007 වසරේදී වන අතර එම පුද්ගලයා පවසන්නේ තමන්ගේ නිවස පිටසක්වල ජීවීන්ගේ ඉලක්කයක් බවට පත්ව ඇති බවයි.
තමන් කිසි විටෙක පිටසක්වල ජීවීන් හට කරදර කර නොමැති බවත්, ඔව්න්ගේ කිසිදු දෙයක් තමන් සන්තකයේ නොමැති බවත් ඔහු පවසයි.
එහෙත් ඔහු තහවුරු කරමින් පවසන්නේ උල්කාපාතයක් නිවසකට වැටීම ඉතාමත් දුර්ලභ සංසිද්ධියක් වන බැවින් මෙය අනිවාර්යයෙන් පිටසක්වල ජීවීන්ගේ පලිගැනීමක් බවයි.
කෙසේවෙතත් බෙල්ග්‍රේඩ් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සිදු කළ පරීක්ෂණයකින් මේවා සියල්ල උල්කාපාත බව තහවුරු කර ඇති අතර ඔවුන්ටද මෙයට හේතුවක් නිවැරදි ලෙස සිතාගත නොහැකි වී ඇත.
මේ පිළිබඳව ඔබට කුමක් ද සිතෙන්නෙ ❓

