Loading..

මිත්‍යාවක් යැයි සිතූ ගුරුළු පක්ෂියා






 මේ කුරුල්ලගේ අමුතු හැසිරීම පුරාණ ලෝකේ මිනිස්සුන්ව කොහොමත් confuse කළා.😂


ග්‍රීක පුරාණෝක්තිවල  මේ කුරුල්ලා ගැන අපූරු කතා හම්බෙනවා.

එහෙම එක පුරාණෝක්තියකට අනුව පෑන් දෙවියන්ගේ දුව වුණු ඉන්ක්ස් කියන අප්සරාව  කපුකටින රෝදයක් පාවිච්චිකරලා දිව්‍යමායාවෙන් මායාකර්ම ගැජට් එකක් හදනවා.

මේකට එයා එයාගෙම නම වෙන iynx කියන නම දෙනවා..මේකෙන් හැකියාව තිබ්බාලු ඕනිම කෙනෙක්ට ඕනිම කෙනෙක් කෙරේ ආදරයක් ඇතිකරවන්න.

දෙවිවරුන්ට පවා බලපැවැත්වුණු මේ ගැජට් එකේ බලය ඉන්ක්ස් විසින් මනුෂ්‍ය කුමරියක් වුණු අයෝ(Io) කෙරේ  සියුස් දෙවියන්ට ආදරයක් ඇතිකරවන්න පාවිච්චිකළාලු.මේ ගැන ආරංචිවුණ සියුස්ගේ ගෑනි හේරා දෙවඟන ඉන්ක්ස්ව eurasian wryneck කෙනෙක් බවට පත්කළාලු.

අදටත් මේ wryneck කුරුල්ලෝ බෙල්ල කරකව කරකව ක්‍රියාත්මක කරන්නේ අර ඉන්ක්ස්ගේ මායාකර්මය කියලා යුරෝපීයයෝ විශ්වාස කළා.

ඉතින් වශීබන්ධන සම්බන්ධ යුරෝපීය අඳුරු ගුප්තකර්මවලට wryneck කුරුල්ලෝ හෝ ඔවුන්ගේ පිහාටු වගේ දේවල් යොදාගැනීම අනිවාරෙන් සිදුවුණා.ඉංග්‍රීසි භාෂාවට අන්තිමට ඔය jinx කියන වචනේ එන්නෙත් ග්‍රීක iynx කියන වචනෙන්ම තමා.



أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...