විශේෂයෙන්ම මෙක්සිකානු "DRUG LORD" ලෙසින් හැදින්වෙන ලෝකප්‍රකට මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වන EL CHAPO ද මෙහි සිරගතව ඇත.
ඔහු ලොව වැඩිම ආරක්ෂාවක් යටතේ සිටින සිරකරු ලෙස හදුන්වන අතර,ඔහු ගැන නිරික්ෂණයෙන් සිටිමට පමණක් පැය 24 පුරාවටම ආරක්ෂකයින් යොදවා ඇත.
බන්ධනාගාරයක් බිද එයින් පැන යාමට සපුරාලිය යුතු මූලික සිද්ධාන්ත තුන ලෙස සලකන බන්ධනාගාරයේ සැලැස්ම පිලිබව නිවැරැදි අවබෝධයක්,
සිරගෙයි ආරක්ෂකයින්ගේ හැසිරීම පිලිබව අවබෝධය සහ බන්ධනාගාරයේ පිටත අයෙකුගේ උපකාරයක් ලබා ගැනීම යන අවස්තාවන් තුනම කිසිදු ලෙසකින් ඉටු කර ගැනීමට නොහැකිවන ලෙස මෙම ADX නිමවා ඇත.
ඉතින් මෙහි සිටින සිරකරුවන් හට එයින් පැන යාම සදාකාලිකවම සිහිනයක්ම පමණක් වී සිරගෙය තම නිවස වී ඇත.

