Loading..

මුහුනු දෙකක් සමග ඉපදුනු මිනිසා.

1890 දී එඩ්වඩ් මොඩ්‍රේක් නම් තරුණයා උපන්නේ ඔහුගේ හිස පිටුපස දෙවන මුහුණක්ද සහිතවය. මේ අතිරේක මුහුණට ආහාර ගැනීමේ හෝ සම්පූර්ණ වචන කතාකිරීමේ හැකියාවක් තිබුණේ නැත.නමුත් එයට ඇඩීමට,සිනහවීමට හා විවිධ ශබ්ද නිකුත්කිරීමට හැකියාවක් තිබූ අතර ඒ සියල්ලම සිදුවුණේ මොඩ්‍රේක්ගේ පාලනයකින් තොරවය.මොඩ්‍රේක් කුමන ක්‍රියාවේ යෙදී සිටියත් හිස පිටුපස මුහුණ භයංකර සිනහවක් නඟමින් සිටී. ඔහු වැඩියෙන්ම අපහසුතාවයට පත් වුණේ නිදාගැනීමට යාමේදී ය.නින්දේදී අවදියෙන් සිටින පිටුපස මුහුණ තමා සමඟ මුමුණන හඬ ඇසෙන බවත් එය හඬමින්, සිනාසෙමින් හා විවිධ භයානක ශබ්ද නගමින් තමාට නිදා ගන්නට නොදී කවටකම් කරන බවත් මොඩ්‍රේක් පවසා ඇත. ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් කෙතරම් ඉල්ලීම් කලද මෙම පිටුපස මුහුණ සැත්කමක් මගින් ඉවත් කිරීම ඔවුන් ප්‍රතික්ෂේප කර තිබුණේ මොළයට හානි වුවහොත් මොඩ්‍රේක්ගේ ජීවිතය අනතුරට ලක් වන නිසාය.අවසානයේ මෙම පීඩනය හා අපහසුතාවයන් දරාගත නොහැකි වූ එඩ්වඩ් ඔහුට අවුරුදු 23 දී සියදිවි නසාගත්තේය. (ජායාරූපය ඔහුගේ සැබෑ රූපය අනුසාරයෙන් නිර්මාණය කල අනුරුවක් බව සලකන්න.)
أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...