Loading..

විදුලි ආඳාට විදුලිය ගැන දැනගන්න කලින් කීවේ මොකක්ද?


 විදුලි ආඳාට විදුලිය ගැන දැනගන්න කලින් කීවේ මොකක්ද? 🤔😂


විදුලි ආඳා කියලා කීවාට ඔය electric eel  සිරා ආඳෙක් නෙවේ.knifefish වර්ගයට අයිති කෙනෙක්.අනාදිමත් කාලෙක ඉඳන් ඇමේසන් ද්‍රෝනියේ ස්වදේශිකයෝ මුන්ට කීවේ ඇරිම්නා(arimna),පිරාක්(piraque) වගේනම්.ඔය පිරාක් කියන නම බ්‍රසීලයේ ටූපි ගෝත්‍රික භාෂාවේ නමක්.අදටත් බ්‍රසීලේ පිරාක් නම මුට බහුලව යෙදෙනවා..මේකේ තේරුම හිරිවට්ටන්නා කියන එක.

මුලින්ම ඇමේසන් ද්‍රෝනියට යුරෝපීයයෝ එන්නෙ 1540 ගණන්වල.ඉතින් ඊටපස්සේ තමා යුරෝපියයෝ මුලින්ම විදුලි ආඳෝ දකින්ට ඇත්තේ.මුලින්ම යුරෝපයට විදුලි ආඳා ගැන ප්‍රචලිත කරවන්නේ ඇෆ්‍රා බේන් කියන ලේඛිකාව 1688 දී නිකුත්කරපු Oroonoko කියන පොතෙන්.

මේකේ මෙයා විදුලි ආඳාට දෙන ඉංග්‍රීසි නම වෙන්නේ numb eel.(හිරිවට්ටන ආඳා).ඔහොම විදුලි ආඳා යුරෝපයේ විද්‍යාත්මක සමාජයේ ප්‍රචලිත වුණාට පස්සේ කැරෝලස් ලිනේයස් 1766දී විදුලි ආඳාට Electrophorus electricus නම දෙනවා.ඒ වෙද්දි යුරෝපයේ මුල්කාලීන විදුලිය ගැන පර්‍යේෂණ ගොඩක් සිදුවුණු කාලයක්.මේ කාලේ තමා මේ මාලුවාට අදටත් කියන electric eel කියන නම වැටුණේ.


Kavitha Kalpana 🐾️


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...