Loading..

වෘෂ්ණ කෝෂ විකුණුවොත් වෙන දේ


 මේ දවස් වල ලොකුවටම කතා බහට ලක් වුණ දෙයක් තමා වෘෂණ කෝෂ විකුණන එක. මෑතකදි ලංකාවෙත් මේ සම්බන්ධ සිදුවීමක් වාර්ථා වුණා මතක ඇතිනේ.


ඉතින් අපිට ඇත්තටම වෘෂණ කෝෂ විකුණන්න පුලුවන්ද ? වෘෂණ කෝෂයක් විකුණලා සල්ලි කීයක් ගන්න පුලුවන්ද ? සහ  වෘෂණ කෝෂ විකුණලා අපිට ජීවත් වෙන්න පුලුවන්ද කියන කාරණා ගැන පොඩ්ඩක් බලමු...

▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
අපිට වෘෂණ කෝෂ විකුණන්න පුලුවන්ද ?
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰

වෘෂණ කෝශ ඉවත් කිරීමක් කියන්නේ වන්ධ්‍යාකරණ ක්‍රියාවලියක්. ඒ වගේම වෘශණ කෝෂ බද්ධයත් ඉතාම දුර්ලභ දෙයක්. 2019 නිව් යෝර්ක් ටයිම්ස් හී ලිපියක වාර්ථා වූ වෘෂණ නොමැති 36 හැවිරිදි මිනිසෙකුට සර්බියාවේ සිටින ඔහුගේ සමාන සහෝදරයෙකුගේ වෘෂණයක් බද්ධ කිරීම ලෝකයේ තුන්වන වෘෂණ බද්ධය වෙනවා.

මේකෙදි කාරණා දෙකක් තියෙනවා. එකක් තමා බොහෝ රටවල මේක නීති විරෝධී ක්‍රියාවක් නිසා වෘෂණ කෝෂ විකුණා හසුවුවහොත් එය දඩුවම් ලැබිය හැකි වරදක් වෙන එක. අනිත් එක තමා මේක නීති විරෝධී නිසා ඔයාගෙ වෘශණ කෝශ විකුණගන්න කෙනෙක් ලේසියෙන් හොයා ගන්න බැරි වෙන එක.

▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
වෘශණ කෝෂයක් විකුණලා සල්ලි කීයක් අරගන්න පුලුවන්ද ?
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰

මේක විවිධ කරුණු මත රදා පවතිනවා.

◉ඔයා එක වෘෂණයක් දෙනවා නම් ඩොලර් 1000කුත්, වෘශණ දෙකම දෙනවා නම් ඩොලර් 3000කුත් ( lkr 1,102,268.40) ලබා ගැනීමේ හැකියාව තියෙනවා.

◉එ වගේම තමා අදාල පුද්ගලයාගෙ වයස.. සාමාන්‍යයෙන් වයසට යාමේදි වෘෂණ මගින් නිපදවන ශුක්‍රාණු අඩු වීම සහ නිපදවන ටෙස්ටොස්ටෙරොන් ප්‍රමාණය අඩු වීම නිසා වැඩිහිටියෙකු ලබා ගන්නා මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අවු: 18ට වැඩි තරුණයෙකුට ලබා ගත හැකි වෙනවා.

◉ගොඩක් අය කියනවනේ වම් වෘෂණය තමා ගණන් වැඩිම කියලා. මේකට හේතුව ඒවගේ විශාලත්වය. ඒ වගේම මිටි පුද්ගලයින්ට වඩා උස පුද්ගලයන්ට සාමාන්‍යයෙන් විශාළ වෘශණ කෝෂ පිහිටීමේ වැඩි සම්භාවිතාවක්ද පවතිනවා. ඉතින් වෘශණ කෝශ විශාළ වන තරමටම නිපදවන ශුක්‍රාණු සහ ටෙස්ටොස්ටෙරොන් ප්‍රමාණයද වැඩි වන නිසා විශාළ වෘශණ කෝශ සදහා වැඩි මුදලක් හිමි වෙනවා.

▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰
වෘශණ කෝෂ විකුණලා අපිට ජීවත් වෙන්න පුලුවන්ද ?
▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰▰

◉වෘශණ කෝෂ ඉවත් කරන්න කරන සැත්කම්  කවදාවත් 100% සාර්ථක නැහැ. මේකෙදි වෛද්‍යවරයා අතින් වන වැරදීමකින් අධික රුධිර වහනය නිසා මරණයට පවා ලක්වෙන්න පුලුවන් සහ සනීපාරක්ශාව ගැන නොසලකා හැරියොත් ඇති වන ආසාදන නිසා මරණයට පත් වෙන්න පුලුවන්. ඒ වගේම වෘෂණ කෝෂ විකුණුවට පස්සෙ සෞඛ්‍ය තත්වය යහපත් අතට හැරෙන්නත් වැඩි කාලයක් ගත වෙන්න පුලුවන්.

◉ ඒ වගේම වෘශණ කෝෂ ඉවත් කිරීම නිසා ලිංගික බෙලහීනතාවය ඇති වෙන්න පුලුවන්. වෘශණ කෝෂ මගින් නිපදවන ටෙස්ටොස්ටෙරොන් හෝර්මෝනයෙ එක කාර්‍යක් වෙන්නේ පුද්ගලයින්ගේ ලිංගික ආශාව නියාමනය කිරීම. ඉතින් වෘශණ කෝෂ ඉවත් කිරීම නිසා ලිංගික ජීවිතය ඉතා දුර්වල එකක් බවට පත් වෙනවා. ඒ වගේම එක් වෘශණයක් ඉවත් කරොත් ශිෂ්ණය සෘජු වීම අපහසු කරනවා වගේම ලිංගික ආශාවන් කෙරෙහි ලොකු බලපෑමක් කරන්න ඉඩකඩ තියෙනවා. ඉතින් දෙකම අයින් කරොත් වෙන දේ අමුතුවෙන් කියන්න ඔන්නැනේ.


أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...