zWZ3ZJ90R4zzhbql6NUZDSuEAK5vmsQ96TEJw5QR
Theme
Share
Search
Menu

RANDOM / BY LABEL (Style 4)

Trending

Bookmark

කතා කියන තරු ඇස්

Vishwa Alert Service: Join Our Vishwa Magazine Group to get top quality service and be aware of the unknowns of the daily world.

 


ලැබුනත් නොලැබුනත් ආදරෙයි ඔය තරු ඇස්වලට හැමදාම 👀✨️
කතා කියන තරු ඇස් ✨️ (A Short Story )
August 22, 2022 by SeNu CraZy wRiter






***__***__***__***__***__***__***__***__***


කතා කරන තරු ඇස් 👀✨️
ලියාගන්න මට අවසරයිද 🖇️📝
වැස්සේ තනිවී ඔය ඇස් ළඟ සැදෑවක☔🥀
කියන්න දෙනවද ආදරේ තරම 🔥❤️✨️


***__***__***__***__***__***__***__***__***




         වැස්සක් වැටෙන්නට අහස අර අදියි.පොත් මිටියත් තුරුල් කරගෙන අඩිය ඉක්මන් කරේ මගේ කුඩේ කැඩිලා නිසා වැස්සට අහුවුනොත් තෙමෙන්න වෙන නිසා .


         සවස තුන විතර වෙලා තිබුණත් පරිසරය අඳුරුයි.වැහි මන්දාරමට පරිසරය ලස්සනයි . ඒ හැඟීම විඳින්න මම හරි ආසයි. සීතල සුළං ඇගේ වදින්නේ මට විහිලු කරන්න වගේ. පොත් මිටිය පපුවටම තුරුලු කරගෙන දෙවුරහිස් ඇකිලුවේ ගතට දැනුණු සීතලට.


         උදේ ඉදන් සවස දෙක වෙනකන් තිබුණු රිවිෂන් ක්ලාස් එක ඉවරවෙලා බස් එකට යන්න මම අඩිය ඉක්මන් කළෙමි. මම තරුමිණි පවන්‍යා. තව මාස තුනකින් ඒලෙවල් එක්සෑම් එකට පෙනී ඉන්න මඟ බලාගෙන ඉන්න කෙනෙක් .



           හෝල්ට් එකට ගිහිං බලන් හිටියේ බස් එකක් එනකන්.උදේට බනිස් එකක් කාල තේ එකක් බිව්වා විතරක් නිසා දැන් බඩ කෑගහන්න පටන් අරන්.ඒලෙවල් විභාගය කියන්නේ ජීවිතේ තීරණය කරන ලොකු කඩඉමක්.



           ඒ ගැන හිතලම ඔලුවත් එක්ක රිදෙන්න ගත්තා. හීන් පොඳ වැටෙන්න පටන් අරගෙන නිසා මම නොතෙමෙන්න තව ටිකක් බස් හෝල්ට් එක ඇතුලට ගියෙමි.


         පංති අරින ටයිම් එක නිසා බස්වල සෙනඟ පිරිලා.පොල් පටවලා වගේ තියෙන බස් එකක් ආවත් ඒකට නගිනවනම් බොරු. ඒත් ඉක්මනටම ගෙදර යන්න ඕනේ නිසා මම ඒ බස් එකට ගොඩවුණෙමි.




         එකා දෙන්නා තෙරපීගෙන එන නිසා මම බස් එකේ ෆුට් බෝර්ඩ් එක අසල නතර වුණෙමි.බස් එක යාමට ගැස්සූ නිසා මම විසික් වන්නට ගියෙමි. එහි වූ මිනිසෙක්ගේ ඇගේ එල්ලී මම නොවැටී බේරුණේය.



      නොහිතූ අවස්ථාවක ඔහුගේ ඇගේ එල්ලීම නිසා ඔහුටද සමබරතාව නැතිවිය. ඔහු බස් එකේ තිබූ අත්වාරුව අල්ලාගත් නිසා අප  බේරුණි.



     බස් එකේ සෙනඟ පිරී ඇති නිසා ඔහුගේ ඇඟ මාහට නොපෙනේ.යම් තරමින් මුහුණ පෙනුණු අතර වඩාත් හොඳින් ඔහුගේ ඇස් දෙක මට පෙනුනි.දිලිසෙන ලස්සන ඇස් දෙකක් ඔහුට විය.



    සමාව ඉල්ලන බැල්මක් ඔහුවෙත හෙලූ මම බස් එක ඇතුලට අමාරුවෙන් වුවද ගියෙමි.ඒ නැවත වරක් මම හැරී බැලුවේ ඒ ඇස් දෙසය.



        මට ආයේ ඒ ඇස් දැකගැනීමට නොහැකි වුවද හරි පුදුම බන්ධනයකින් ඒ ඇස් මගේ හිත හොරාගත්තා.යන්න පෙර අවසාන වතාවට මම ආයේ ඒ ඇස් හෙව්වා.



      නමුත් ඒ ඇස් දැකගන්නට නොවූ නිසාම  මම බසයෙන් බැස්සෙමි.නැවතත් අන්තිම පාරට කියලා මම බස් එක දිහා බැලුවෙමි.බස් කවුලුවකින් ඔලුව දාපු ඒ ඇස් මම දැක්කා .



        හිතට අමුතු ජයග්‍රහණයක් දැනෙන්නට වුනා.බස් හෝල්ට් එකේ ඉදන් අපේ ගෙදරට ටික දුරක් යන්න තියෙන නිසා මම ඉක්මන් ගමනින් ගෙදර ගියා.
       



***__***__***__***__***__***__***__***__***



         පහුවදා පංති කිසිවක් තිබුනේ නැති නිසා මම ගෙදරට වෙලා පුලුවන් තරම් පාඩම් කරා.ඒත් ඒ ඇස් දෙක මතකයට ආවේ නැතුවා නොවේ........




***__***__***__***__***__***__***__***__***




            ඇඟේ කවුරුමහරි  එල්ලුනාන මගෙත් සමබරතාව නැතිවෙලා බස් එකේදී දෙන්නම වැටෙන්න ගියා.කොල්ලා වැඩකාරයා නිසා වැඩ දාලා ශේප් වුනා. කොල්ලා වන මම වෙන කවුරුත් නෙමෙයි නෙතුජ ආකාෂ්.


              හවස වුන දේවල් ....ඒ ඇස්.... ගෙදර ආවමත් මට මතක් වෙන්න ගත්තා.බස් එකෙන් වැටෙන්න ගිය වෙලාවේ බනී කියලා හිතලා බය වුනු ඒ ඇස්..... ආයේ මාව හෙව්ව ඒ ඇස්.... බස් එකෙන් බැහැලා යනකොට හිනාවුන ඒ ඇස් .....


     මාව තරමක් දුරට නොසන්සුන් කරලා තිබුනේ . අද ගෙදර නිසා මහන්සි වෙලා වැඩ ටික කරා




***__***__***__***__***__***__***__***__***



               සතියක්.....ඔව් සතියක් පෙරුම් පිරුවා ඒ ඇස් දකින්න....බස් එක ළඟට වෙලා හිටියේ ඒ ඇස් ආයේ දකින්න තියෙන උවමනාවට .... ඈතින් කෙල්ලෝ ගොඩක් වටකරගෙන පුංචි ළමයෙක් වගේ එනකොට හිතට අමුත්තක් දැනෙනවා.....


          ඒ ඇස් මොනවහරි හොයනවා කියලා දැනුණු නිසා මම චුට්ටක් කවර් වුනා.බලාපොරොත්තු කඩවුණු පෙනුමෙන් ඇස්වලිනුත් පෙනුනම මම පේන තැනකට ආවා.



            බලාගෙන ඉද්දී ඒඇස් දිලිසෙන්න පටන්ගත්තා.තවත් මෙතන මෙහෙම ඉන්න බැරි නිසා මම ලඟට ගිහිං කතා කරන්න හිතුවා.


" සොරි ......එක්ස්කියුස්මී ........මට වෙලාව කීයද කියන්න පුලුවන්ද ...." මම ලඟට ගිහිං ඇහුවා.


" ඇයි ....අතේ බැදලා තියෙන්නේ කටුකැරකෙන්නේ නැති ඔරලෝසුවක්ද....." ඒ මැද්දට පැන්නේ කෙල්ල එක්ක ආපු ඇටිකිච්චියෙක්.



" ඔව් ....ඒක වැඩ කරන්නෙ නෑ .. " මම ගානක් නැතුව කිව්වා.


      මුකුත්ම නොකියා අත දික්කරලා වෙලාව පෙන්නුවේ මූණ බිමට කරගෙන. මට ඒ කටහඬත් අහන්න ඕනේ කියලා හිතුන නිසා මම තව කතා කරා.


" මම ආකාෂ් ......ඔයා කව්ද...."


        ඇස් උස්සලා කතා කරන්න කට ගන්නකොටම කොන්දා ගිරිය පුප්පගෙන කෑගැහුවා.ඇස්වලින් හිනාවෙලා ගිහිං බස් එකට නැග්ගා.මමත් ඒ පිටිපස්සෙන් ගිහිං බස් එකට නැග්ගා.


         ඒ යනගමනුත් මං එක්ක ඇස්වලින් හරි හරියට කතා කරා....ඔව් මට නොතේරුනු භාෂාවකින්....නොතේරෙන දෙයක් ඒ ඇස්වල ලියවිලා තිබුණා....


***__***__***__***__***__***__***__***__***




       අපේ ඇස් කොයිතරම් දොඩමලුද කිව්වොත් අදට මාස හයක් විතර වෙනවා අපි හම්බවෙලා...ඒත් මම තාම ඒ කතා කරන ඇස්වල අයිතිකාරියගේ කටහඬ අහලා නෑ ........



        අපි දෙන්නම යන්නේ එකම ක්ලාස්වලට .ඉතිං මටත් බත් එකක් ගෙනැල්ලා මුකුත්ම නොකියා ඩෙස් එක උඩින් තියලා යන එක ඒ ඇස් අයිතිකාරිගේ පුරුද්දක් වුනා....



         පේපර්ස් තියලා යනවා ඩෙස් එක උඩින්...මමත් ඒවා කරලා ගිහිං දෙනවා.ඊටපස්සේ ලකුනු දාලා ආයේ මට ගෙනත් දෙනවා....



        මමත් එහෙම තමයි එක එක කඩචෝරු ඉන්ටවල් එකට ගිහිං දෙනවා...ඇස්වලින් හිනාවෙලා ගන්නවා මිසක් මුකුත්ම කියන්නේ නෑ ......

        ටික කලක ඉදන් ඒ ඇස් හරි ලැජ්ජාකාරියක් වෙලා ....ඒ ඇයි කියන්න මම දැනගත්තත් ඒ කටින් අහන්න උවමනාවක් මට තිබුණා....




***__***__***__***__***__***__***__***__***





              ඒලෙවල් විභාගය ඉවර වෙලා රිසල්ට්ස් ආවම අපි පංති ආවේ සර්ලට ඒ ගැන කියන්න ඕන නිසා .ඒක අපි කරන යුතුකමක් නිසා .




      මට සබරගමු විශ්වවිද්‍යාලයට යන්න පුලුවන් කමක් තිබුණා.මම රිසල්ට්ස් කියන්න ඇවිත් අනිවාර්යයෙන් මගේ කතා කියන තරු ඇස්වලට ආදරෙයි කියන්න ඕනේ කියලා හිතාගෙන ආවේ.....



" කොහොමද ඔයාගේ රිසල්ට්ස් ......" මම ඇහුවේ මාතෘකාවකට ආරම්භයක් ගන්න .




     කිසිම දෙයක් නොකියා මට කොළයක් දුන්නා.ඒ කියන්නේ ......ඔව් .......මගේ කතා කියන තරු ඇස් ටත් පුලුවන් සබරගමු විශ්වවිද්‍යාලයට යන්න .....හිතේ සතුට වැඩි නිසාම මම කලබල වෙලා.....




" මම දන්නවා ඔයා මට නොකිව්වට ඔයාගේ නම තරුමිණි කියලා ........ඉතිං තරූ ඔයා කැමති නැත්ද මේ අහසට විතරක් අයිතිවෙන්න........ මම දන්නවා ඔයත්,කැමතියි මේ ආකාෂ්ගේ වෙන්න කියලා .......ඔව් ඔයාගේ ඇස් මාත් එක්ක කතා කරලා එහෙම කියනවා....... මට ඕනේ ඒක ඔයාගේ කටින්ම දැනගන්න.......කියන්න පුංචි කතා කියන තරු ඇස් දෙක.......ඔයා කැමතිද සදහටම අහසට අයිති වෙන්න ......."




     කඳුලු පිරිලා ඒ ඇස් දිලිසෙනවා. අතින් කට වහගෙන අඬනවා.පිස්සු කෝලමක් කියලා හිතෙනවා දැන් නම්.......


" ඔයා මොකද කියන්නේ තරු ඇස්......කැමතියි නේ ද "


   ඔව් කියන්න කෙල්ල ඔලුව වනනවා.හරි ලස්සනයි බලන් ඉන්න .ඇස් දෙක දැනුත් අමුතු කතාවට.



" ඔහොම බෑ ඉතිං ......ඇස්වලින් කතා කරන්න පුලුවන් වුනාට මාත් ආසයි කටහඬ අහන්න ......."




" ඔව් මම කැමතියි ....."


" ආදරෙයි ද තරූ........"


" මේ තරූ හැමදාම එයාගේ අහසට ආදරෙයි ....."



        ජීවිතේ සම්පුර්ණ වුනා වගේ හැඟීමක් මට දැනුණා.පිස්සු නටන්නේ නැතුව විභාගේ පාස් වෙලා .........ජීවිතේ ඉස්සරහට ගෙනියන්න පුලුවන් මගේ ආදරෙත් ලැබිලා මම හරි සතුටින් ඉන්නේ .....




***__***__***__***__***__***__***__***__***




         දෙන්නම උපාධිය කරන අතර විවාහ ගිවිස ගත්තා.මේ කෙල්ල වචනවලින් කතා කරනවට වඩා කරන්නෙ ඇස්වලින් කතා කරන එක.



       ජීවිතේ හරි දේවල් හරිම වෙලාවට ලඟා කරගන්න පුලුවන් වුන නිසා ජීවිතේ අතින් අපි දැන් තෘප්තිමත්.....



        ඒ වගේම සංසාරේ පුරාවටම ඒ තරු ඇස් මේ අහසටම විතක් අයිතියි කියලා මම දන්නවා .........





***__***__***__***__***__***__***__***__***






කතා කිය තරු ඇස්.....  🌟 👀

මේ අහසටම ලියා දී......🗯️💥

මුව ගොළු වී ඇස් කතා කරයි.....👀🌟

මුවෙන් පිට නොවෙන දහසක් දේ....🤭🥰

ඇස් එක්කම දොඬමලු වෙයි.....🥰👀



කතා කරන තරු ඇස් 👀✨️

ලියාගන්න මට අවසරයිද 🖇️📝

වැස්සේ තනිවී ඔය ඇස් ළඟ සැදෑවක☔🥀

කියන්න දෙනවද ආදරේ තරම 🔥❤️✨️






***__***__***__***__***__***__***__***__***


                         ✨️ නිමි✨️





***__***__***__***__***__***__***__***__***





මගේ අනිත් කතා කියවන්න ඕනේ අය ඉන්නවනම් සිත්තම් දැහැන ☘️☘️☘️ tellegram channel එකට ජොයින් වෙන්න 🥰❤️




***__***__***__***__***__***__***__***__***




මගේ නංගියා කාවිගේ ඉල්ලීමකට ලිව්ව කතාවක්.🥰❤️🥺

කතාව හොඳද කියලා මට කියන්න .ඔයාලගේ සමහර කමෙන්ට් නිසා ඇත්තටම ගොඩාක් මාව මෝටිවේට් වෙනවා🥺❤️

ඔයාලා දක්වන ඒ ආදරයට ඇත්තටම මම ගොඩාක් ආසයි , ආදරෙයි හැමදාම ඒ වගේ මං එක්ක ඉන්න 🥰❤️🥺.



අදත් කියවලා කමෙන්ට් එකක් දාන්න 🥰❤️


***__***__***__***__***__***__***__***__***





පරිස්සමින් ඉන්න .


මම ,

SeNu CraZy wRiter 🍃❤️🥰


Join our Whatsapp Group To get latest updates and superior service ✅
Post a Comment

Post a Comment

What is your opinion on this article?
Youtube Channel Image
VISHWA MAGAZINE Join our whatsapp group
JOIN
error: Content is protected !!