💔💔💔
වරද.....💔💔💔 ( කෙටිකතාව )
August 20, 2022 by ☠__️️H@R|e¥__•__QU¡Nn️__☠️
උඹ මගේ එක කුස උපන් සහෝදරයා...
ඒත් කිසිම දාක උඹට ඒ බැදීම නොදැනෙන්න ඇති.
පොඩි කාලෙ ඉදන් කොයි තරම් රණ්ඩු කලත් මරාගත්තත් මේ අයියගෙ හිතේ උඹ ගැන තිබුනේ මහා ලොකු ආදරයක්.
හිතේ දරාගන්න බැරි ලොකු දුකක් තියෙනව බන්.
උඹ මාව රැවැට්ටුවා.
අද මං තනි උනා.
උඹ මගේ ලස්සන ජීවිතේ විනාස කරපු නිසා මං අද නොමැරී මැරෙනවා.
උඹ ඒ පවුකාර වැඩේ නොකෙරුවා නම් අද අපි හැමෝම සතුටින් බන්.
මිනිස්සුන්ව 100% ක් විශ්වාස කරන්න එපා කියල මට කිව්ව උබව මං මටත් වඩා විශ්වාස කලා බන්.
මාව නැතත් එවෙලෙ උබට අපේ අහිංසක දෙමවුපියෝ මතක් වෙන්න තිබ්බා.
දුක් විදගෙන අපිව හදාවඩා ගත්ත ඒ දෙන්නට ගින්දරක් දෙන්න තරම් උබ පවුකාරයෙක් උනා.
තමන්ගෙ නෑනා වෙලා..
අයියගෙ බිරිද වෙලා ගෙදරට එන්න හිටිය සුරංගනාවිව ඔය පවුකාර අත්වලින් විනාස කරලා මරලා දාන්න තරම් උබ තිරිසනෙක් උනේ ඇයි බන් ??
උබේ අයියගෙ ජීවිතේ පටන් ගන්නත් කලින් ගන්නත් කලින් අලු දූවිලි කරල දැම්මෙ ඇයි ??
අද උබ ඒ කරපු වරදට හිරබත් කයි.
හැබැයි මොන දඩුවම ලැබුනත් උබට කවදාවත් සැනසීමක් ලැබෙන එකක් නෑ.
ජීවිතය ඉල්ලලා උබේ මුල වැද වැටුනු ඒ අහිංසකීගෙ මූණ උබ ඇස් පියාගන්න හැම මොහොතකම උබට පෙනේවි.
" මල්ලි දැන් ටික දවසක ඉදන් හරි අමුතුයි අශ්වින්..."
උබ කෙලෙසුව උබේ නෑනා දැනට දවස් කීපෙකට කලින් මට කිව්වෙ එහෙමයි.
ඒ උබේ පහත් හැගීම් ගැන ඉව දැනිලා වෙන්න ඇති.
මටත් වඩා උබව විශ්වාස කරපු එයාගෙම සහෝදරයන්ටත් වඩා උබට ආදරේ කරපු එයා අද අපි හැමෝමවම දාල ගිහින්.
ලස්සන මනමාලියක් වෙලා අපේ ජීවිත එලිය කරන්න එන්න හිටිය එයා අද මිනියක් කියන නම අරගෙන මේ ගෙදරට ඇවිල්ලා.
ඒ නිසල ශරීරය දිහාත් කූරු ගනන් කරන උබ දිහාත් බලාගෙන හූල්ලන විලාප තියන දාහක් දෙනා අතරේ මං පිපිරිලා යන්න තරම් ලොකු වේදනාවක් හිතේ තියන් නොසැලී ඉන්නවා.
උල් පිහිතුඩු දාහක් හදවත පසාරු කරන් ගියත් මේ තරම් වේදනාවක් මට දැනෙන්නෙ නම් නැති වෙයි.
" අශ්වින්..."
" අ.න්.ක.ල්.....ම..මට...ස.මා.වෙ..න්න...ම..ං.."
" මේක ඔයාගෙ වැරද්දක් නෙවෙයි අශ්වින්..එයා ගෙනාව ආයුශ ඉවර ඇති.."
එහෙම කියලා බිම බලාගෙනම ඇතුලට ගියේ මගේ මාමා..
එයාව රෝස මලක් වගේ පරිස්සමින් බලාගන්නම් කියලා මං ඒ අයට පොරොන්දු උනේ උබ ඉස්සරහමයි.
මං එයාට කොච්චර ආදරේ කලාද කියලා වෙන කාටත් වඩා හොදටම දැනගෙන ඉදියෙ උබයි.
ඉතින් අදින් පස්සෙ උබ මගේ එක කුස උපන් සහෝදරයා වග දැනෙන වාරයක් පාසා මං විදවාවි.පසුතැවේවි..මටත් වඩා උබ..විදවාවි........
••••••••••••••••••••••••••••••••••••••••••••••••••
හැගීම්...හරිම බලවත් දෙයක්..
මනුස්සයෙක්ගෙ ජීවිතේ සම්පුර්ණයෙන් කණපිට ගහන්න පාලනයක් නැති උන හැගීමකට පුලුවන්.
අනුකම්පා විරහිත කාමලෝභී හැගීම් නිසා එක ජීවිතයක් නෙවෙයි ජීවිත දහස් ගාණක් නිකරුණේ අපට අහිමි වෙන්න පුළුවන්.
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°
මං ✍අමා❤️
කතෘ අයිතිය සුරකින්න.................
“දැනුමෙන් විශ්වය දකින්න… විස්මයෙන් ලෝකය හඳුනාගන්න.”

