Loading..

කිඹුල් කඳුළු හෙළනවා කියන්නේ මොකක්ද? මේ කිඹුලා ඇත්තටම ගොදුරක් ඇල්ලුවා​ම අඩනවද?

 




කිඹුල් කඳුළු හෙ​ලනවා කියන්නේ මොකක්ද? මේ කිඹුලා ඇත්තටම ගොදුරක් ඇල්ලුවා​ම අඩනවද? විද්යාඥයන් පවසන විද්‍යාත්ම​ක දේ මෙන්න!

යම් අයෙක් දුකින් ඉන්න බව හෝ පසුතවීම බොරුවට අගවන විට ඔවුන් “කිඹුල් කඳුළු” හෙළනවා යනුවෙන් කියයි. මිනිසුන් මෙසේ කියමනක් ලෙ​ස පැවසුවත් කිඹුලන් ඇත්තටම කදුලු හෙලන බව ඔබ දන්නවද? ගැ​ට කිඹුලන්, කේමන් කිඹුලන් සහ ගාරියල් කිඹුලන් ඔවුන්ගේ ගොදුර ගිල දමමින් කඳුළු හෙළන එක සිදුකරයි. එමෙන්ම ජනප්‍රිය මිථ්‍යාලවට අනුව කිඹුලන් මිනිසුන් ගිල ගන්නා විටද අඬන බව පවසේ. නමුත් කිඹුලන් කඳුළු එලෙස හෙළන්නේ ඇයි?

ඉතින් මේ කිඹුල් කඳුළු පිටුපස ඇති සත්‍යය කතාව සොයා ගැනීමට විවිධ පර්යේෂණ මගින් හැකියාව ලබී ඇත. 18 වන සියවසේ මුල් භාගයේදී, ස්විට්සර්ලන්ත ජාතික වෛද්‍යවරයෙකු සහ ස්වභාවිකවාදියෙක් වන ජොහාන් ජාකොබ් ප්‍රකාශ කළේ කිඹුලන් ආහාර ගන්නා විට කඳුළු හෙළන බව පවසෙන පොදු විශ්වාසය වැරදි බවයි. 1927 දී ජෝර්ජ් ජොන්සන් නම් විද්‍යාඥයා කිඹුලෙකුගේ ඇස් දෙක ලූනු සහ ලුණුවලින් අතුල්ලමින් ඔවුන් අඬනවා දැයි පරීක්ෂා කළේය. එහිදී කිඹුලන්ගේ අස් වලින් කදුලු නො ආ අතර කිඹුල් කඳුළු පිළිබඳ ජනප්‍රිය මතය මිථ්‍යාවක් බව ජොන්සන් නිගමනය කළේය.

කෙසේ වෙතත්, වසර ගණනාවකට පසුව, 2006 දී, ස්නායු විශේෂඥයෙකු වන ඩී. මැල්කම් ෂේනර් සහ සත්ව විද්‍යාඥ කෙන්ට් ඒ වයලට් කිඹුලන්ගේ පවුලේ සාමාජිකයින් හත් දෙනාගෙන් පස් දෙනෙකු (ඇලිගේටර් සහ කේමන් අතුලුව) ආහාර අනුභව කරන විට කඳුළු සලන අයුරු රූගත කරන ලදී. එසේනම් කිඹුලන් කඳුළු හෙළන්නේ ඔවුන්ගේ ගොදුරට අනුකම්පා කරන නිසාද? නැත, ඒවා අනුකම්පව නිසා ඇතිවන කඳුළු නොවේ.

එහි සැබෑ සත්‍යය නම් කිඹුලන් ආහර ගන්නා විට ශාරීරික වෙහෙස නිසා හයියෙන් හා බරින් හුස්ම ගැනීම සිදුකරයි.  මෙය කිඹුලන්ගේ ඇස්වල කඳුළු පටලය (කඳුළු රඳවා තබා ගන්නා තුනී ස්ථරයක්) කඳුළු නාලයෙන් ඉවත් වීමට හේතු වේ. මෙම කඳුළු පටලය කිඹුලෙකුගේ ඇසේ පිටත පෘෂ්ඨය වට කර ඇති අතර එය ඇසේ තෙතමනය තබා ගැනීම සඳහාත් කඳුළු ස්වභාවික වාෂ්පීකරණය වීමත් වළක්වයි. ගොදුර ගිල ගන්නා අතරතුර කිඹුලෙකුගේ කඳුළු ගලා යාමට හේතුව වන්නේ මෙසේ කදුලු අක්ෂි පටලයෙන් එලියට ඒමයි.

පර්යේෂකයන්ගේ සමහරක් නිරීක්ෂන වලින් පෙනී ගියේ කිඹුලන් ඔවුන්ගේ ආහාර අනුභව කරන විට ඔවුන්ගේ ඇස්වල බුබුලු සහ පෙණද නගින බවයි. මෙය ප්‍රෝටීන වැනි ද්‍රව්‍ය, කඳුළු සමඟ  ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලයකි. එමෙන්ම  කිඹුලෙකුගේ කඳුළු පටලයක් මිනිසෙකුගේ කදුළු පටලයට සාපේක්ෂව සුවිශේෂී ලෙස කාර්යක්ෂම වේ. එයට හේතුව කිඹුලෙකුගේ කඳුළු පටලය තුල ප්‍රෝටීන, ශ්ලේෂ්මල සහ ඉලෙක්ට්‍රොලයිස් ප්‍රමාණය අධික වීමයි.

එමනිසා, කිඹුලෙකුට පැය දෙකක පමණ කාලයක් ඇසිපිය නොහෙළා සිටිය හැකි අතර සාමාන්‍ය මිනිසෙකුට නම් තම දෑස් තෙත් කර තබා ගැනීම සඳහා විනාඩියකට 15 වතාවක් පමණ ඇසිපිය හෙලිය යුතුය.

කිඹුල් කඳුළු පිළිබඳ තවත් සිත්ගන්නා සුලු කරුණක් නම් එය සමහර ජීවීන් සඳහා පොහොසත් පෝෂණ ප්‍රභවයක් වීමයි.  සමනලුන් සහ මී මැස්සන් වැනි කෘමීන් ඛනිජ ලවණ ලබා ගැනීම සඳහා කිඹුල් කඳුළු පානය කරන බව පවසේ.

ඒ අනු​ව කිඹුල් කඳුළු සලනවා යැයි පවස​න කියමන මිනිසුන් අත​ර ඇති වූයේ කෙසේද?

කිඹුලන්ගේ හඩීම පිළිබඳ පළමු මුද්‍රිත සඳහන සොයා ගත හැක්කේ 1357 දී ප්‍රථම වරට බෙදා හරින ලද ශ්‍රීමත් ජෝන් මැන්ඩෙවිල්ගේ සංචාරක මතක සටහන් වලිනි.

ඔහු තම පොත​ක මෙසේ ලිවීය:”. “In that contre … ben great plenty of Cokadrilles … Theise Serpentes seen men, and thei eten hem wepynge.” එයින් කියවෙන්නේ “ඒ රටේ කිඹුලන් ගොඩක් සිටින බවත් මෙම කිඹුලන් මිනිසුන් මරා අඬමින් ඔවුන්​ව අනුභව කරන බවත්‍ ය.
කෙසේ වෙතත්, කිඹුල් කඳුළු පිළිබඳ මුල්ම සංකේතාත්මක සඳහන ලෙස සැලකිය හැක්කේ එඩ්මන්ඩ් ග්‍රින්ඩල්ගේ (අග්‍ර රාජගුරු යෝක් සහ කැන්ටබරි) සදහනකි.

1563 දී ඔහු මෙසේ ලිවීය. “ඔහුගේ නිහතමානීකම ව්යාජ නිහතමානීකමක් වනු ඇතැයි මම බිය වීමට පටන් ගනිමි, ඔහුගේ කඳුළු කිඹුල් කඳුළු වැනිය.” එයම 1711 දී Strype’s Life of Grindal හි නැවත ප්‍රකාශයට පත් කරන ලදී.
ඉතින් කිඹුල් කදුලු පිටුපස ඇති විද්‍යාත්මක සිදුවී​ම වන්නේ මෙයයි.

D.B. වීරසේකර

أحدث أقدم

Top Post Ad


නවතම ලිපි...